වෙනදා දකින චන්ද්‍ර මරිචීය ට වඩා වෙනස් චන්ද්‍ර මරිචීයක් තමා ඉදිරියේ දිස් වූයෙන් සඳබරණ වහා දිව ගියේ ය. මණ්ඩපය එකම අවුල් ජාලාවක් වී තිබුණි. වස්ත්‍ර තැනින් තැන ඇද දමා තිබුණි. හේ හාත්පස සිසාරා බැලුවේ ය. භූමිය මත රුහිරු පැල්ලම් ය. අවසන ඒ සමඟම හස්ත පළඳනාවක් දුටු සඳබරණ මහා හඬින් විළාප දුන්නේ ය.
"අක්කණ්ඩී!"
ඒ හඬ පළමුව කන වැකුණේ හදිසියේ චන්ද්‍ර මරිචීය වෙත එමින් හුන් තේජාධන ට විය. එ හමුවේ තේජාධන වහ වහා එහි දිව ආයේ චන්ද්‍ර මරිචීය තුළ වූ විලාසයත් විළාප දෙන සඳබරණ ත් දැක හිස අත් ගසා ගන්නට විය. තේජාධන සිය නේවාසිකාගාරය වෙත දිව යනු දුටු ආයුවර්ධ ද මනුරාධ සමඟින් එහි ආයේ චන්ද්‍ර මරිචීය තුළ වූ රුහිරු පැල්ලම් දැක අඩි කිහිපයක් පිටුපස ට විසි විය.
ඒ සමඟම මේ මිත්‍ර සන්ධානයේ ඉතිරි සාමාජිකයන්ද එහි දිව ආහ. සියලු දෙනාම මේ සිදුව ඇති දෙය දැක කම්පනය ට ලක් විය.
අවසානයේ පළමු ව සිහි එළවා ගත් නිර්වේද්යා හා තේජාධන ගේ මැදිහත් වීම මත ආයුවර්ධ ගේත් සඳබරණ හා අගස්ථි ගේත් කළමනා තේජාධන ගේ කුටිය වෙත ගෙන යන්නේ අපරාධයක් සිදු වූ චන්ද්‍ර මරිචීය මුද්‍රා තබමිනි. නිශාධ්‍ය හා මනුරාධ සිහිය දුරස් ව වික්ෂිප්ත ලෙසින් හුන් සඳබරණ ව හා ආයුවර්ධ ව වාරු කරගනිමින් තේජාධන ගේ කුටියට පිය මැන්නේ විරාධ්ය හා අගස්ථි සිත දැඩි කරමින් චන්ද්‍ර මරිචීය පිරික්සනා අතර ය.
කුටියට ගෙනා විගස ආයුවර්ධ සිහිසුන් විය. සඳබරණ දෑස හැරපියා සිටියද සිහිය නම් ඔහු කෙරෙන් දුරස් ව තිබුණි. මනුරාධ ආයුවර්ධ දෙස වේදනාවෙන් බලා හුන්නේ ය. එය මනුරාධ වන සියල්ලම පිළිබඳ නිසැකවම වටහා හිඳිනවා වැනි විය.
"අභී ව පැහැර ගෙන ගොසින් !
වෙනත් කිසිවක් අතුරුදන් ව නැහැ!
නමුත්………..!"
විරාධ්ය කීවේ තේජාධන ගේ කුටියට පපැමිණි පසු ය. ඒ වදන් ගොත ගැසෙන අපැහැදිලි ඒවා විය. විරාධ්ය ද හුන්නේ දැඩි කම්පනයක් සමඟය. අතුරුදන් ව විපතට පත් ව ඇත්තේ හෙතෙම ප්‍රාණ සමව සෙනෙහස දැක්වූ තැනැත්තිය වූ කලී විරාධ්ය තවමත් එළඹ සිටි සිහියෙන් සිටීම ම වාසනාවක් විය.
YOU ARE READING
♕ විරුදාග්නි ♕ (OnHold)
Ficción histórica♕ විරුදාග්නි ♕ සප්ත අසිපත් එකට බැඳි බැම්මක්