ඒ හුන්නේ........
ඒ හුන්නේ තෙදවන් නුවර මහා මාළිගයේ රාජකීය පරිවාරය රකින රුහිරු භටයන් විය. විරාධ්ය හා ආයුවර්ධ පෙරමුණ ගනිමින් මල සිරුරු පිරික්සන්නට වූයේ ය.
ඒ නිසැකවම හුන්නේ තෙදවන් නුවර මහා මාළිගයේ රාජකීය පරිවාරය සුරකින රුහිරු භටයන් මය. ඉදින් විරාධ්ය වහා වහා ඔවුන් ගේ වස්ත්‍ර අවුස්සා දමමින් යමක් පිරික්සන්නට විය.
අවසානයේ සෙවූ දෙය හමු වී තිබුණි. නමුත් ඒ දුටු වන විරාධ්ය ගේ නේත්‍ර විශ්මයෙන් විසල් වී තිබුණි. හේ හිස ඔසවා ආයුවර්ධ ට හා තේජාධන ට සන් කළේ ය. ආයුවර්ධ ත් විරාධ්ය අසලින්ම ඇණ තබාගෙන විරාධ්ය පෙන්වූ එයට හිස යොමද්දී තේජාධන ද ඔවුන් ගේ හිස් වලට ඉහළින් එබෙමින් ඒ දෙස බලන්නට විය.
"මෙය කාට අයත් මුද්‍රාවක් ද විරාධ්ය?!
මා මින් පෙර මෙවැන්නක් දැක නැහැ."
ආයුවර්ධ ගේ සිහින් හඬ නැඟෙද්දී අනෙකුන් ද ඒ වටා රොක් වූයේ ගැටලුවක් බව වැටහුණු නිසාමය.
"කේසර සිංහ කැටයමත් තිබෙන නිසා මේ රුහිරු භටයන් වග නිසැකවම කිව හැකියි.
නමුත් මේ තිබෙන භේරුණ්ඩ පක්ෂි මුද්‍රාව නම් සිතාගත නොහැකියි."
විරාධ්ය මුද්‍රාව දෙස බලා ගත් වනම කල්පනා කාරී ලෙසින් පිළිවදන් දෙන්නට විය.
"රුහිරු භටයනුත් සේනාපති යටතේ නොවෙද හිඳින්නේ?!
ඔබේ පියා නෙව මෙහි සේනාපති!!!"
තේජාධන සමච්චල් සහගත ලෙසින් පවසන්නට විය. විරාධ්ය සුසුමක් හෙලන විට ඔහු වෙනුවට නිශාධ්‍ය පිළිතුරු දෙන්නට විය.
"පියාණන් රත්නද්වීපයේ සේනාපති වග සැබැයි අයියණ්ඩි!
නමුත්,
සේනාපතිටත් අත පෙවිය නොහැකි සීමාවන් තිබෙනවා!රුහිරු භටයන් යනුත් එවැනි සීමාවෙන් ඔබ්බෙහි වූ කරුණක්!"
අගස්ථි ගේ විශ්මය නේත්‍ර විසල් කරමින් සඳබරණ කුමරුන් ගේ සුරත ග්‍රහණයට ගැනීමට තරම් ප්‍රබල එකක් විය.
විරාධ්ය මිය ගොස් හුන් ඒ භටයිගේ සුරතේ මැණික් කටුව මත හංවඩු ගසා තිබූ මුද්‍රාව යළි යළිත් පිරික්සමින් ම සිය උගුරෙහි රැල් යළිත් බුරුල් කරන්නට විය.
YOU ARE READING
♕ විරුදාග්නි ♕ (OnHold)
Historical Fiction♕ විරුදාග්නි ♕ සප්ත අසිපත් එකට බැඳි බැම්මක්