01

46 4 9
                                    

වසර දහසයකට පසු................

එය මියලු නුවර සඳකලා මැදුර විය. තවත් ලෙසකින් කීවේ නම් මියලුවේ රදබන්ධු සවිබරණයන්ගේත් පරිවාරයේත් වාසභවන විය.

වෙළඳ හා නාවික කටයුතු සඳහන් ඉමහත් ප්‍රසිද්ධියට පත් මියලු නුවරට එහි වූ ජනප්‍රියත්වය වෙනුවෙන් තවත් හේතුව තිබුණි.

මියලු නුවර චන්ද්‍රයා වෙත දක්වන අතිමහත් වූත් අද්භූත වූත් බන්ධනය එකී අනෙක් හේතුව විය. ඉදින් මියලුවේ වැදගත් තැන් මෙන්ම වැදගත් පුද්ගලයින් ද සඳ හා බැඳි නාමයන් ගෙන් නාමකරණය කර තිබුණි.

සඳකලා මැදුර පිහිටා තිබුණේ නගරයේ වූ කුඩා කණ්ඩි ප්‍රදේශයකය. එහි ඉහළම මහලට නැඟ ඉඳුරු දිග සඳලු තලයෙන් බැලුවේ වී නම් ඈත සයුරු දියඹේ නැඟෙන ආකූල තරංගයන් දෙස බලා හිඳිය හැකිය. අස්ථදිග දෙස බැලුයේ නම් පූර්ණ මියලු නුවරම දැකගත හැකිය. ඉදින් රත්නද්වීපය නම් වූ මේ ඝර්ම කලාපීය දිවයිනේ නැගෙනහිර මායිමේ පිහිටා ඇති මියලු නුවර සොබා සෞන්දර්යෙන් අනූන සශ්‍රීක නුවරක් විය.

මෙදින අටවක දිනයක් වූ නිසා අර්ධයක් වූ චන්ද්‍රයා නබෝ ගැබ වෙත ඉන්ද්‍ර දිශා ගත සමුද්‍රය දෙසින් එළඹි තිබුණි. තැනින් තැන කදෝපැණි එළි ලෙද තාරකාවන් ද අහසේ නිවි නිවී දිදුලේ කාල වර්ණයත් නීල වර්ණයත් එකට මුසු කර තැනූ කාශ්‍ය සලුවක් මත ශ්වේත මලිගිය මල් විසුරුවා හැරි සේය. පළින් පළ ධූසර පැහැයෙන් සුමුදු මුදු මේ කුළුද අහසේ විසිර තිබුණි. ඉදින් සුරමඟ නම් කාශ්‍ය සලුවෙන් වියා සේපාලිකා මලින් හා ධූසර භෂ්මයන් විසිරුවා දැමූ සිනිඳු වස්ත්‍රයක් වැනි විය.

සඳ කලා මැදුරු මතු මහලේ ඉඳුරු දිග සඳලු තලයට සෙවණ සැදූ පියස්ස මතින් නැඟෙන්නට වූයේ මියුරු සත්සර නාදයකි. ඒ හඬ මියලු නුවර වාසී ජනයා අතර ඉමහත් ප්‍රසිද්ධ රෝනාදියගේ විය. රෝනාදිය යනු මියලු නුවර ළාබාල උත්තරාධිකාරින්ගේ සරෝදය විය. රෝනාදිය හේ වෙත තිළිණ කරේ ඔහුගේ පියාණන් වූ සවිබරණයෝ ය. එයත් ඔහුගේ දිවංගත අර්තාංගණිය වූ අරුණෝද්‍යා දේවිය ඇගේ අවසාන ශ්වාසය මුදාහැරීමට පෙරාතුව සිය පතීන් වූ සවිබරණයන් වෙතින් කළ ඉල්ලීමක් පරිදි ය.

♕ විරුදාග්නි ♕ (OnHold)Where stories live. Discover now