එදා සිහිසුන් ව නිශාධ්‍යගේ දෑත් මතින් සුව්‍යාදි ශාලාව වෙත ආ භරණයන් දෑස් විවර කරේ දිනයක් ම ගෙවුණු තැනය. තේජාධන ගේ වදන් සඳබරණ ගේ චිත්තය සංත්‍රායෙන් දෙදරවා දමා තිබුණි. ඉදින් කාගේත් සුරතලා වූ ඔහුගේ චිත්තයට දැනි කම්පනය ඔහුටම දරාගත නොහැකිව ගොස් තිබුණි.
නිර්වේද්‍යා ඔසු මංජුසාවන් හා තරඟයක යෙදීය. අභිවර්ණා කඳුලු මැදම තෙත කපු රෙදි කඩකින් සිය කුඩා මළණුගේ වත පිසින්නී ය. නිශාධ්‍ය තවමත් භරණයන් සිය උකුල මත හොවාගත් වනම විය.
විරාධ්‍ය ද කම්පිතව බලා හුන්නේ මීට සුලු මොහොතකට පෙර කවට කම් කරමින් සිය මළණු වූ නිශාධ්‍ය ගේ ඇකයට පැන කුඩාවෙකු සේ සුරතල් වූ ඔහුට සිදු වූ දෙය දෙසම විය. අභිවර්ණා ගේ නේත්‍රයන් මතින් නික්මෙන කඳුලු ඔහුගේ සිත සසලවා තිබුණි.
අවසන මනුරාධ විසින් ආයුවර්ධ වද සුව්‍යාදි හල වෙත ඇදගෙන ආවේ ය. බොහෝ වේලාවක් විසල් තුරු හිසකට පහර දුන් නිසා ආයුවර්ධ ගේ සුරත ද තුවාල වී තිබුණි. මනුරාධ රවමින් ම එහි ඔසු ගල්වා වෙලුම් පටි යොදන්නට විය.
"මට යමක් සෙවිමට අවශ්‍යයි!"
ආයුවර්ධ ගේ හඬ සිහින් වුවද ඒ ස්වරය රලු එකක් විය. විරාධ්‍ය හා මනුරාධ හේ අසලට ආවේ අනෙක් තිදෙනා සිය කටයුතු මැදම ඒ වෙතට සවන් යොමන කල්හි ය.
"කුමක්ද සෙවිය යුතු?!"
විරාධ්‍ය හැකිතාක් නිවාගත් හඬකින් විමසන්නට විය.
"ඇයි ඔහු එලෙස භරණ වෙත සලකන්නේ කියා!"
ඒ හඬ දැඩිය. නිශාධ්‍ය ගේ මුවෙහි අගුලු විවර වන්නට විය. හේ භරණ ගේ හිසකෙස් අතර සිය ආංගුලයන් මෙහෙයවමින් මෙසේ පවසන්නට විය.
"ඔහු නිතර භරණ වෙත චෝදනා කරන්නේ අගස්ථි ව ඔහුගෙන් ඈත් කරවනවා කියා....
නමුත්......,"
"නමුත් යනු කුමක් ද නිශාධ්‍ය?!"
නිශාධ්‍ය වෙත සිය වදන් පූරණය කිරීමට හෝ ඉඩක් නොතබාම ආයුවර්ධ යළිත් මොර ගෑවේය.
"ඉවසන්න ඉදින් ආයු අයියණ්ඩි.....
නමුත්, මෙහි එයට වඩා යමක් තිබෙනවා යැයි හැඟෙනවා!
YOU ARE READING
♕ විරුදාග්නි ♕ (OnHold)
Historical Fiction♕ විරුදාග්නි ♕ සප්ත අසිපත් එකට බැඳි බැම්මක්