02

24 4 4
                                    

එදින රාත්‍රිය තිදෙනාම පහන් කළේ නිකිණියන් අසලය. කළ වැරදි උදෙසා ක්ෂමා ඇයැදියද සිය පියාණන් එලෙස හතු පිපෙන්නා සේ කළ නියෝගය දරාගැනීමට මොවුන් තිදෙනාම අපොහොසත් වූයේන් ඇති වූ මානසික ඝට්ටනයන් සංසිඳුවා ලීමට නිකිණියෝ ඔවුන් ව ඒ රාත්‍රියේ තමා අසලට කැඳවා ගත්හ.

"මෑණියනී.............."

ආයුවර්ධයන් නිකිණිය වෙත මැසිවිලි කීම ඇරඹුවේය. නමුත් ඕ නම් තවමත් සිනාසෙමින් තම ඇකයේ හොවාගත් සඳසාවාගේ හිස පිරිමදින්නීය. අභිවර්ණාවෝ ද මැසිවිල්ල ඇරඹුවාය.

"ම්හ්ක්........... මෑණියනි......... අසන්නකෝ!!!!"

නිකිණිය ඔවුන් වෙත අබ පියල්ලක තරම් හෝ අවධානයක් නොදී දිගටම සිය කාර්යයේ නියැළුණි. නමුත් ඒ වත සිනාවකින් බර වී ඇත්තේ ය. ආයුවර්ධයන් ගේ ක්ෂාන්ති මට්ටම කවරදාත් කෙටිය. ඉදින් හේ මෙවර කෑ ගසන්නට විය.

"මෑණියනි............!!!! මෑණියනි.................... ම්හ්ක්........ හේයි නාකණ්නා............!!!"

නිකිණියන් ගේ මඳ සිනාවේ බැමි පුපුරා ගියෙන් ඕතමෝ මහ හඬින් සිනාසෙන්නට වූවාය. චන්ද්‍රාභරණ වික්ෂිප්ත බවකින් හෝ තොරවම නිකිණියන් ගේ උණුසුමේ තවත් ගුලි වූයේ සැබෑම සා පැටවෙකු ලෙසිනි. නමුත් මියලු නිවුන්නු නම් වික්ෂිප්ත දෑසින් මුව හයා බලා සිටියහ. අවසන අභිවර්ණා කුමරිය නෝක්කඩු බැල්මක් නෙතට නඟා ගනිමින් ම නිකිණියන් වෙත ඇමතුවාය.

"කිමද මෑණියනි මේ.......?!

සිනාසීමට තරම් දෙයක් මෙහි වූවාද?.......

ඔබතුමී අතොරක් නැතිව සිනා නඟන්නේ.........
පවසන්නකෝඕ...............!!!!"

ආයුවර්ධයන් ද අභිවර්ණා ට එකඟ වෙමින් ම කටුසුවෙකුගේ විලාසයෙන් හිස ඉහළ පහළ වනන්නට විය. ඒ මුවද මැසිවිලි නිසා ඇදව ගොස් තිබූ අභිනයක් දැරීය. අවසන චන්ද්‍රාභරණ ද ඇකයෙන් හිස ඔසවා නිකිණි ගේ වත දෙස බැලූයෙන් නිකිණිය තම උගුර පාදා හඬ අවධි කළාය.

"ක්හ්ම්......... මා හට සිනා නැඟුණේ මියුලු නුවර මේ දඟ තුන්කට්ටුව මා නොමැතිව න්‍යග්‍රෝධ අසපුවේ හිඳින අයුරු සිහි කළ නිසා..........."

එවර නම් වික්ෂිප්ත වූයේ චන්ද්‍රාභරණයන් ය. හේ ඉද්ද ගැසූ සේ නිකිණියන් ගේ ඇකයෙන් නැඟිට ඒ නෙත් දෙස එක එල්ලේ බැලුවේය.

♕ විරුදාග්නි ♕ (OnHold)Where stories live. Discover now