37

9 0 0
                                    

ආගන්තුකයා ගේ අවධානය තමා කෙරේ නොවන වග දැනීමට කාලරුද්‍ර ට හෝරාවකට වඩා ගත වී තිබුණි. හේ එතරම් ම ආගන්තුකයා තමාට ගෙනැවිත් දුන් වස්තුවට ආශක්ත ලෙසින් බැඳි ඒ දෙසම බලා හුන්නේ ය. ආගන්තුකයා ගේ අවධානය තමා කෙරේ නොවන බව වැටහි ඇසිල්ලේ ම කාලරුද්‍ර භයානක ලෙස කඩා පැන්නේ ඔහුගේ ගෙලට විය.

"මා අසල හිඳින විට අවධානය මා කෙරේ පමණයි!

අමතකද ඒ නීතිය?!"

කාලරුද්‍ර  සිය දෑත කිටි කිටියේ ඒ ආගන්තුක ග්‍රීවය සිර කරන අතර එසේ විමසුවේ සිය රක්ත වර්ණ දෙනයන තවත් රක්ත වර්ණයටම හරවමිනි.

"ක්-ක්- ක්ෂමා කරන්න!"

ආගන්තුකයා තතනමින් කීයේ ය. ඒ දෑස ඉහළට හැයී ගොස්ය. ශ්වාසය අවහිර වීමෙන් මුවද විවර ව තිබුණි. ජිහ්වය ද ආගන්තුකයා ගේ මුවින් පිටතට ඇදුණේ හේ වෙත වූ පීඩාව උග්‍ර බව හඟවමින් විය.

කාලරුද්‍ර ට නම් ආගන්තුකයා ගේ පීඩාව ගැන වගක් හෝ නොමැති සෙයක් ය. හේ තව තවත් ඒ ගෙල මත එතී තිබූ සිය ආංගුලයන් හි ග්‍රහණය දැඩි කරන්න ට විය. ආගන්තුක සුරතේ ආංගුලයන් කාලරුද්‍ර ගේ මැණික් කටුවක් වටා අල්වා ගත්තේ එය සිය ගෙල වටින් ගලවා ඉවත් කර ගැනීමට ප්‍රයාස කරන්නට විය.

"අ-අ-අතහරින්න!"

ඒ මුව අපහසුවෙන් කරන මිමිණීම කාලරුද්‍ර ට ආශ්වාදජනක වී ඇතිවාක් මෙන් හේ තවත් ආගන්තුක ගෙල සිර කරන්නට විය. අවසන ආගන්තුකයා මරණයේ ද්වාරය අභියසටම ගෙන ගොස් යළිත් පියවි සිහියට අතහැරි කාලරුද්‍රයෝ ඔහුට බිම ඇද වැටෙන සේ පා පහරක් ද ගසමින් පසෙකට විය.

ආගන්තුකයා වැටුණු ලෙසටම භූමිය මත වකුටු විය. ඒ ළය කදාමිණි කැබැල්ලකින් සූරා හරින සේ ඉහළට අදින ආශ්වාසයක් පාසා ඔහුට දැනුණි. ඒ උගුර කාරවාගෙන ආ කැස්ස නිසා මුවින් රුහිරු තලියක් ද වැගිරෙන්නට විය. නොනවත්වාම නෙත් කෙවෙනි අග කඳුලු උනද්දි හේ අපහසුවෙන් හිස හරවා බැලුවේ කාලරුද්‍ර දෙස විය.

කාලරුද්‍ර කිසිවක් නොකළ සේ ගිනි හුළ දෙස බලා හුන්නේ ය.

"තවත් ඔතැන කල් මරා නොයිඳ නුඹේ රාජකාරිය ඉටු කරනු රාධ!"

♕ විරුදාග්නි ♕ (OnHold)Where stories live. Discover now