"අක්කණ්ඩී............ ඔබට හැකිද මට පැණි වළලු ටිකක් සාදා දීමට! හදිසියේ පැණි වළලු වලට ආශාවක් දැනුණා"
අභිවර්ණා සිනාසුණි. ඈ ඊට එකඟ වෙමින් හිස සැලුවා ය. අගස්ථි තවත් ඇය වෙතට තුරුලු වුණේ සිනාසෙමින් විය.
සඳබරණ සිනාසෙමින් ම මැසිවිලි නඟන්නට වූයේ කවට සිතින් ය.දියනොහ"අක්කණ්ඩිට මා ඉල්වූවොත් තමා සාදා ැකි........ ආථි ඉල්වූ පමාවට එකඟ වූවා! සඳ සාවාට වෙනස්කම්.......
බලන්ට අයියණ්ඩි ඔබේ මුසලඩියාට මේ අක්කණ්ඩී කරන අකටයුතුකම්!!"නිශාධ්‍ය සිනාසෙන්නට විය. සඳබරණ ගේ නාට්‍ය රූපි මැසිවිල්ල නැඟීම දකින ඕනෑම විටෙක නිශාධ්‍ය ගේ වතෙහි මෙවැනි දුර්ලභ ගණයේ සුන්දර මන්දස්මිතයක් ඇඳෙන්නේ ය. හේ සවිශාල්‍යඳබරණ වෙත සිය සුරත පෑවේය.
"ඔය සාවාට මා අවන් හලෙන් පැණි වළලු ගෙනැවිත් දෙන්නම්. අක්කණ්ඩී ගේ පැණි වළලු ඕනෑ නැහැනෙ එවිට!"
සඳබරණ ද අගස්ථි ට නොදෙවෙනි ලෙස භූමියේ අසුන් ගෙන හුන් නිශාධ්‍ය ගේ ඇකයට පැන්නේ ය.
"මගේ නිශාද් තමා හොඳම! අක්කණ්ඩී ඕනම නෑ........."
සියල්ලනේම සිනාසෙමින් හිඳින විට එතනට කඩා පැන්නේ නොසිතූ අදෑසින්පිටවනයෙකි
. හේ ගිනි අගස්ථි හා සඳබරණ දෙස බැලීය. අවසන හේ ගුගුරන්නට විය."අගස්ථි!!!!.......... කුමක් ද මෙහි කරන්නේ?!............... මා කීවෙ පොත් ගුලට ගොස් පුස්තක පරිශීලනය කරන්නට නොවෙද?!"
අගස්ථි තිගැස්සී ගියේ ය. හේ අභිවර්ණා ගේ පිටුපසින් සැඟව හිස පමණක් මෑත් කරමින් බලා හුන්නේ එක්වරම කඩා වැදී කෑ ගසන සිය වැඩිමල් සොයුරා දෙසය.
"එවිට මේ පලා ගැටුම් කල්ලිය! තොපිට අධ්‍යයන කටයුතු නොවේද?! මෙහි කාලය කමින් සිනාසෙන්නේ.................."
තේජාධන තවමත් කෝපයෙන් නලියන ලවන් අයාගෙන ගුගුරයි. සියලු දෙනාම වික්ෂිප්ත දෑසින් බලා හුන්නේ තේජාධන ගේ මේ විකාරය දෙස ය. තේජාධන අතොරක් නැතිවම සඳබරණ වෙත රවයි. ආයුවර්ධ ගේ කෝපය පුපුරා යාමට එය ඕනෑවටත් වඩා ප්‍රමාණවත් විය. ඉදින් ආයුවර්ධ ද තේජාධන ට නොදෙවෙනි සේ කෝපයෙන් සිය වක්ත්‍රය දම් පැහැයට හරවාගෙන ඔහු වෙතට රැවීය.