"එය සොයා නොගෙන පාරින්දය කරා යාමෙන් කිසිදු පලක් නෑ"
නිර්වේද්යා ගේ වදන් හමුවේ නිශාධ්ය නම් වික්ෂිප්ත බව භීතිය අතර දෝලනය වන්නට විය.
යළිත් එහි යාම යනු සත් සමුදුර කෙළවර වූ මකර කටට ස්ව කැමැත්තෙන් පැනීමකි.
හැරත් මළවුන්ගේ මිරිඟු නිම්නය යනු පුරාවෘත්තයක් පමණකැයි සිතීමට නිශාධ්යයන් රිසි විය. එතරම් ම එදින රාත්රියේ අත්දැකීම ලොමු දැහැ ගන්වන සුලු එකක් විය.
"ක්-කුමකට ද යළිත් ආපසු යන්නෙ වේද්යා අක්කණ්ඩී?!
මට පණ පිටින් පාරින්ද නුවර වෙත යාමට අවැසියි
යළිත් ආපසු ගියොත් එය සිහිනයක් පමණක්ම වේවි!"
නිශාධ්ය වෙව්ලුම් කන ස්වරයකින් නිර්වේද්යා ව ඇමතුවේ ය.
නිර්වේද්යා ද හුන්නේ භය භීරාන්ත වීය. නමුත් ඔවුන් සතු වගකීම ද ඉටු කළ යුතු විය.
ඉදින් නිර්වේද්යා ආයාසයෙන් සිය චිත්ත සන්තානයේ පැන නගින බුබුළු දමන භය යටපත් කරගත්තාය.
"අමතකද නිශාද්?!
අප මේ යන්නෙ විරුදාග්නිය දල්වා විශ්ව මූලය එකලු කරවන්නට වග!
ඒ නොකළ හොත් නිසැකවම අප සියලු දෙනාම මියැදෙනවා
ඒ නිසා යළිත් යා යුතුමයි
කෞෂාතූභය ට අයත් ඒ මිණි කඩ සොයාගත යුතුයි කෙසේ හෝ
අප දෙපා ඉක්මන් කළ හොත් සූර්යයා අස්ථයට යාමට පෙර එය සොයාගෙන නිම්නයෙන් පිටමං විය හැකියි
හැරත් සූර්යයා මුදුන්ව ඇති දිවා කාලයේ දී මළවුන් ගේ නිම්නය අක්රීයයි
ඔවුන් ක්රියාත්මක වන්නේ අඳුර සමඟ!"
නිර්වේද්යා දීර්ඝ පැහැදිලි කිරීමක් කළේ නිශාධ්ය ගේ සිතෙහි ඇති පීඩනය මඳකට හෝ සමනය කරන්න ටය.
අවසන නිශාධ්ය එකඟ වූයෙන් ඔවුන් දෙදෙනා ආ මගෙහි ආපසු හැරී දුවන්නට විය.
හෝරා තුනකට පමණ පසු ඔවුන් ගමනාන්තය කරා ළඟා වී තිබුණි.
නිශාධ්ය ගේ මුව විශ්මයෙන් විවර විය.
YOU ARE READING
♕ විරුදාග්නි ♕ (OnHold)
Historical Fiction♕ විරුදාග්නි ♕ සප්ත අසිපත් එකට බැඳි බැම්මක්