17

13 2 0
                                    

තේජාධන රාත්‍රියේ මැදියම තෙක්ම ඔහුව කර හොවාගෙන ඇවිද ගියේ ය. ඒ මරකත දෑසේ ඉංගිරියාව සිහින් ඉරක් සේ සඳ එළිය යට දිස් විය. හදිසියේ තමාගෙ කර මත හුන් තැනැත්තා කෙඳිරුමක් නැඟූවෙන් තේජාධන නතර විය.

රූස්ස තුරු සෙවණකින් ඔහු ඒ තැනැත්තාව තැබුවේ සිය අල්ල ඒ නළලත තැබුවේය. කෙඳිරුම් නඟන්නා ගේ හිස ගිනියම් ව තිබුණි. සුදුමැලි වී තිබූ ලවන් හා විඩාබර මුහුණ එකී තැනැත්තා දැඩිව උණෙන් පෙළෙන බවට ඕනෑවටත් වඩා සාක්ෂි සපයද්දී තේජාධන හිසෙහි අත ගසා ගත්තේ ය.

මොහු මෙලෙස රෝගී වීම තේජාධන ගේ සැලසුම් අවුල් කරනවා පමණක් නොව අන් පස්දෙනා ගේ ජීවිතද අනතුරේ හෙලන්නක් විය. ඉදින් හේ වහා සිය හිණ බැඳි දිය පැස ⁣ගත්තේ ඒ වත හා දෑත් දෙපා මඳක් තෙමාලීමට ය.

අවසන ඔහුට මඳක් විවේක ගන්නට ඉඩ හැර තේජාධන වටපිට විපරම් කළේ කුසට අහරක් සපයා ගත යුතු නිසාවෙනි. අවසානයේ අසල වූ අඹ ගසකින් ඉදුණු ඵල කිහිපයක් හේ නෙළා ගත්තේ තුරු සෙවණේ හුන් තැනැත්තා ව අවධි කරලන්නට විය.

"භරණ...... මඳකට අවධි වන්න ඉදින්!

ඔබ යමක් ආහාරයට ගත යුතුයි......

කෝ ඉදින්!"

තේජාධන ඒ කොපුලකට මෘදු ලෙස තට්ටු කරමින් ඔහුව අවධි කරලන්නට විය. නමුත් ඔහු තවමත් ගිනියම් යකඳක් සේ උණුසුම් ය. ඉදින් ඒ දෑස විවර වූයේ යන්තමිනි.

"ම්හ්ක්........ ⁣න්-නොහැකියි!

ම්මට අප්-පහස්-සුයි....."

ඔහු කීවා නොව කෙඳිරුවේය. තේජාධන තමාගේ ළය පුරවා හුස්මක් පහත හෙළීය. අසාධ්‍ය ලෙසින් හිඳින මොහුගේ චිත්ත සන්තානයේ සැබෑ ස්වරූපය තේජාධන ට වැටහෙන්නේ දැන් ය. තේජාධන ට තමා ගැනම කළකිරීමක් හා අතීතය ගැන පශ්චාත්තාපයක් දැනුණි.

අවසන කෙසේ හෝ ඔහුට අඹ පල කිහිපයක් කවා ගත් තේජාධන ද කටට දෙකට තවත් අඹ පල කිහිපයක් කා යළිත් රෝගී ඔහුව සිය කර මතට ගත්තේ මෙවැනි තුරු සෙවණක කල් මැරීම අනාරක්ෂිත වූ නිසාවෙනි.

තේජාධන ට අවසානයේ එරමිණියා පඳුරු අතර සැඟව තිබූ කුඩා ලෙනක් සොයා ගත හැකි වූයෙන් හේ ඉතා අපහසුවෙන් එහි ඇතුලු ව තම කර හුන් රෝගියා ව ගල් ලෙනෙහි දිගා කරවීය.

♕ විරුදාග්නි ♕ (OnHold)Where stories live. Discover now