මෙවරත් එයාකාරයෙන්ම එය දැනෙන විට තේජාධන දේශන ශාලාවේ වහලය සෙවිලි කල උලු ගණින්නා සේ ඉහළ බලමින් ආයුවර්ධ ගෙන් මෙසේ අසන්නට විය.
"ප්-පවසන්න ආයුවර්ධ ක්-කුමක්ද ගැටලුව නුඹේ?!"
"එලෙස කාලයේ හැසිරීම් රටාව මන්දගාමී හෝ ශීඝ්‍රගාමී වීමට බලපාන කුමක් හෝ හේතුවක් වේද?!
එවිට එය ගණනයට ක්‍රමයක්?!"
ආයුවර්ධ විමසුවේ දැඩි ඉවසීමකින් විය.
තේජාධන ට දැනුණේ අස්වැසිල්ලක් ය. ආයුවර්ධගේ කෝපය මෙහි පුපුරා ගියේ වී නම් තේජාධන ට වන්නේ ඇදුරු තනතුර පසෙක ලා යටිකය වස්ත්‍රය හිසෙන් ගලවා ගන්නටය."සාමාන්‍යයෙන් නම් එය දැනට අර්ථකතනය කරන්නේ විශ්ව ශක්ති සංතුලනයේ සිදුවන වෙනස් වීමක් මත මෙවැනි මුහුර්ත ගාමී අවකාශ නිර්මාණය වනවා කියයි
නමුත් ඉසුරු පුරය ආශ්‍රිතව පවතිනවා විශ්ව ශක්තිය අධික නමුත් මුහුර්ත ගාමී අවකාශයක් බවට පත් නොවූ ස්ථානයක්
ගණනය කළ හැකියි
එයට කාල රික්ත අවකාශය තරණයට යෙදෙන මධ්‍යක වේගය සහ එතුළ ගතවන කාලය මැන ගෙන පිටත අවකාශයේ වන කාල වෙනසට සමාන කර ගත යුතුයි
එවිටයි කාල රික්ත අවකාශය තුළ කාලයේ මන්දනය කෙතරම් ද කියා ගණනය කර ගත හැක්කේ…
නමුත් මතක තබා ගන්න
ඔබට ගණනය කිරීමෙන් ලබා ගත හැක්කේ දළ අගයක් හෝ පරාසයක් පමණයිහේතුව කාල රික්ත අවකාශයක් යනු අතිශයින් විචල්‍ය පරිසරයක් වීම
ආයුවර්ධ ගේ පැනයට පිළිතුරු ලැබුණාද?!"
තේජාධන විමසන විට ආයුවර්ධ සිය නීල අක්ෂි යුග්මය සලා අසුන් ගත්තේ තේජාධන සැනසිල්ලේ සුසුමක් හෙළමින් සිය සොහොයුරා වූ අගස්ථි දෙසත් ආයාසයෙන් සිය ඉකිබිඳුම් වාවා ගනිමින් හිසත් බිමට නැඹුරු කරගෙන හිඳින සඳබරණ දෙසත් බලමින් ය.
නිර්වේද්යා නම් යළිත් නින්දට වැටී තිබුණි. අභිවර්ණා විරාධ්ය ගේ ඉංගිතයන් දෙස බලමින් කෝළ ලෙසින් හිඳිද්දී නිශාධ්‍ය පමණක් සඳබරණ දෙස වේදනා භරිත දෑසින් බලා හුන්නේ තේජාධන ට සිය හදවත දැති කස්ථානයකින් සිදුරු කොට පෙති ගසන්නා සේ වේදනාවක් දැනෙන විටය.
YOU ARE READING
♕ විරුදාග්නි ♕ (OnHold)
Ficción histórica♕ විරුදාග්නි ♕ සප්ත අසිපත් එකට බැඳි බැම්මක්