25

9 1 0
                                    

තේජාධන පැවසුවෙන් නිරාධ මුණි තුමන් කල්පයකට පසු අස්වැසිල්ලක් ලද සේ දේශන ශාලාවෙන් බැහැර විය.

"හ්ම්......... අවධි වෙමු නේ එහෙනම්!

එක් වරින්ම අවධි වෙනවා ද නැති නම්......
මා තටාකයේ ජලය මෙහි ගෙනැවිත් සියලු දෙනාවම ස්නානය කරවන්න ද?!"

තේජාධන ගේ ⁣නිවුණු ස්වරයෙන් කෙරුණු තර්ජනය හමුවේ සියල්ලෝම දෑස් කෙවෙනි පොඩි කරමින් ඈනුම් හරිමින් ඇඟ මැලි කඩා කයවල් සෘජු කර ගත්හ.

"අද දේශනය කුමක් පිළිබඳ වද කියා දන්නවා ද දැන්?!"

තේජාධන යළිත් විමසන්නට විය. නමුත් නිරාධ මුණි තුමන් දේශනය පැවැත් වූ කාලය පුරාම නින්දත් නොනින්දත් අතර හුන් එකෙකු වත් සිය මුව විවර කිරීමට හෝ නොසිතීය.

දැන් දැන් සිය කෝපය හමුවේ ගතෙහි රුධිරය බුබුළු දමමින් නටන්නට ගනු තේජාධන ට දැනෙයි. හේ ආයාසයෙන් ගැඹුරු සුසුමක් හෙළා මඳකට සන්සුන් වූයේ ය.

"එක් අයෙක් ට වත් පිළිතුරු නැති ද?!

පලා ගැටුම් කල්ලිය!!!
මුව පුරා පිට්ටු ද නැති නම් සියල්ලෝම ගොලු ද?!"

තේජාධන බෙරිහන් තැලීමට මඳක් අඩුවෙන් විචාලේ ය.

සියල්ලෝම පුලුටු කරගත් මුහුණින් යුතුව බිම බලාගෙන සිටිති.

"පිළිතුරු නොමැතියි නෙ?!

අවම තරමින් මෙහි ආ පළමු දිනයේ වෙහෙස මහන්සි වී තරණය කළ පිය ගැට පෙළ වත් ⁣ඔය ඔතැන නිදි කිරන අඥාන රැළට ස්මරණයේ පවතිනවා ද?!"

තේජාධන යළිත් ගුගුළේ ය. එවර නම් සියලු දෙනා කටුසුවන් සේ හිස් ඉහළ පහළ වනන්නට විය.

"වදනින් වදනින්!!"

තේජාධන නොනවත්වාම ගුගුරයි. නමුදු එකෙකු හෝ සිය මුව විවර නොකරයි. අවසන ආයුවර්ධ විසල් ඈනුමක් හරිමින් ම පිළිවදන් දෙන්නට විය.

"ස්මරණයේ පවතී ඇදුරු තුමනි!"

"දැන්ද කටට පණ ආයේ?!

එසේ නම් ඔය පිම්මටම මෙයටත් පිළිතුරු දිය හැකි නෙ?!

පියගැට කීයක් වූවාද එහි?!"

♕ විරුදාග්නි ♕ (OnHold)Where stories live. Discover now