නිශාධ්යයන් ට නම් සීතල ජලයේදීම හීන් දාඩිය නැඟුණි. අභිවර්ණා ටද සිදු වූයේ කිසිත් කරගත නොහී බලා සිටීමටය. අන් සිසුන් හා සිසුවියන් ද වික්ෂිප්ත දෑසින් බලා හුන්නේ මින් ඉදිරියට කුමක් වේදැයි සිතා ගත නොහී ය.
තේජාධන නම් අමුක්කරා කරලක් සේ පිපිරෙමින් සිටියේය.
"නැඟී සිටිනවා........... සියලු දෙනාම!!!!"
තේජාධන ගේ හඬ මේඝ ගර්ජනාවක් බඳුය. පිටියේ හුන් අය දූවිලි ගසමින් නැඟී සිටිද්දී තටාකයේ හුන් සිව් දෙනාද වෙව්ලුම් කමින් ගොඩට ආහ.
"හ්ම්........... මේ හිසරදයේ වාරය............ සැමට සමානව සලකමු............"
තේජාධන ගේ අසාමාන්ය ලෙසින් සන්සුන් වූ හඬ හමුවේ අභිවර්ණා ට සිය ගත දිගේ හිරියක් ගමන් කරනු දැනුණි. තෙතබරිත සැවුලන් සේ හුන් අයවලුන් අභිවර්ණා ගේ පිටුපසට විය. විරාධ්ය ද ගාටමින් විත් නිශාධ්ය අසලින් සිට ගත්තේ ය. තේජාධන ම යළිත් ගර්ජනා කරන්නට විය.
"සිසුවියන් පොත් ගුලට.......... සෑම පුස්තකයක්ම දුහුවිලි පිසදා පිරිසිදු කර පිළිවෙළට අසුරන්න. සතියක් යන තුරු පොත් ගුල නියාමනය කරන්න.
අහ් රාධ ඇයි නුඹ පසෙක ඔබත් මේ විරාධ්ය අසලට එන්න......
විරාධ්ය හා එකට සටන් වැදිය හැකි නම් දඬුවමත් එකටම විඳිනට දිය යුතුයි නෙසිසුන් පූර්ණ න්යග්රෝධ අසපුවම සතියක් යන තුරු නඩත්තු කළ යුතුයි.
ම්න්.........
එවිට මේ කල්ලිය.............
මේ කල්ලිය මුලුතැන්ගෙයට.................."සිසුන් මුහුණු අඳුරු කරගනිමින් මුමුණන්නට විය. පූර්ණ න්යග්රෝධ අසපුවටම හුන්නේ සිසුවියන් දෙදෙනෙක් පමණි. ඒ අභිවර්ණා හා නිර්වේද්යා ය. තේජාධන ගේ රැවුම හමුවේ නිර්වේද්යා පොත් ගුලට දිව ගියේ අභිවර්ණා ද ඇදගෙනමය.
"අන් අයට නාගවල්ලි හුරුලු දිය යුතුද?! යනු ඉතින්........
මතක තබා ගන්න දවසේ කටයුතු අවසන් වන තෙක් කිසිවෙකුටත් ආහාර නෑ.............කුමන දඬුවමක් තිබුණද කිසිවෙකුටත් දේශන මඟ හරින්නටත් බැහැ"
සඳබරණ ගේ මුව ඇදවුණි. හේ අගස්ථි ගේ සුරත ගෙන ගස්සමින්ම මුලුතැන්ගෙය වෙත යන්නට විය. නිශාධ්ය හා ආයුවර්ධ ද විරාධ්ය හා රාධ කැටුව ඔවුන් පසු පස්සෙ ඇදුණේ අනෙකුන් න්යග්රෝධය පුරා විසිරෙන විටය.
YOU ARE READING
♕ විරුදාග්නි ♕ (OnHold)
Historical Fiction♕ විරුදාග්නි ♕ සප්ත අසිපත් එකට බැඳි බැම්මක්