"මෑණියනි!"
සඳබරණ කුමරුන් මොර ගාමින් ම ආපසු දුවන්නට තතනන විට තේජාධන වහා ඉදිරියට විත් ඔහුව ග්රහණයට ගත්තේ ය.
සඳබරණ ගැහෙමින් දඟලමින් යළිත් යාමට අරගල කරන්නට විය. නැවතුමක් නොවූ කලී තේජාධන විසින් භරණ ගේ සියුම් නිලයක් තෙරපූයේ හේ කපා හෙලූ රඹ තුරු හිසක් සේ තේජාධන ගේම දෑත මතට කඩා වැටුණි.
නිර්වේද්යා වහා තුරු හිස පාමුලින් නැඟිට දිව ආවාය. ආයුවර්ධ පාෂාණිභූත ලෙස බලා හුන්නේ දෙපා වාරු නැතිව පසෙකට ඇද වැටෙන්න ට ගියේ ය. අගස්ථි ද වහ වහා ඔහුව තමා වෙත වාරු කර ගත්තේ තේජාධන ප්රවේශමෙන් තම දෑත අතර හුන් සඳබරණ ව ඉවුරු වැල්ල මත තබනු බලා හුන්නේ ය.
"ඔබ ඔහුව සිහිසුන් කළා ද?!"
නිර්වේද්යා සිහින් ලෙස කොඳුරා විමසන්නට විය.
පිළිතුරු ලෙස තේජාධන හිස සලද්දී ආයුවර්ධ ද අගස්ථි ගේ වාරුවෙන් වැලි තලය මත අසුන් ගත්තේ ය."ආයුවර්ධ...... මළණ්ඩි!
මට කමා කරන්න!"තේජාධන ආයුවර්ධ වෙත හැරී පවසද්දි සියලු දෙනාම තුෂ්නිම්භූත වී තිබුණි.
"ඔබ කුමටද කමා අයදින්නේ?!"
ආයුවර්ධ තතනමින් විමසන්නට විය. නමුත් තේජාධන කරේ ඔහු දෙස බලා යළිත් සමාව ඇයැදීම පමණෙකි.
අවසන තේජාධනම මෙසේ කියන්නට විය.
"තව දුරටත් අපට එක්ව ගමන් කළ හැකි යැයි මා සිතන්නේ නෑ!"
පුදුමයකට මෙන් විරාධ්ය ද සිය හිස සලා එයට එකඟ විය.
"අපට බෙදී විසිරී යාමට වනවා.
තවත් තෙදිනකින් මාථින්ද නුවර සීමාවේදී හමු වන අරමුණින් බෙදී යමු!"
තේජාධන ම යළිත් පහත් හඬින් පවසන්නට වූයේ ආයුවර්ධ ඔහුට බාධා කරන්නට විය.
"අනෙකක් නොකියා පළමුව මා ඇසූ දෙයට පිළිතුරු දෙනු තේජාධන!!!
ඇයි නුඹ එය මඟහරින්නේ?!"
තේජාධන ගේ මරකත දෑසේ කඳුලු කැට නලියමින් තිබුණි.
"මේ එය දැන ගැනීමට උචිත සමයක් නොවේ ආයු!
YOU ARE READING
♕ විරුදාග්නි ♕ (OnHold)
Historical Fiction♕ විරුදාග්නි ♕ සප්ත අසිපත් එකට බැඳි බැම්මක්