06

17 3 0
                                    

අභිවර්ණා අතුරුදන් ව දෙසතියකටත් වඩා වැඩිය. න්‍යග්‍රෝධය කැළඹී තිබුණි. නිරාධ මුණි තුමන් පමණෙකි සන්සුන් ලෙස සිටිනුයේ.

භරණයන් හුන්නේ තේජාධන, අගස්ථි හා නිශාධ්‍ය සමඟිනි. ආයුවර්ධයන් ද මියලු නුවර සඳකලා මැදුර වෙත ගියේ පියාණන් වූ සවිබරණයන්ගෙන් ලද හදිසි පණිවිඩයකට අනුවය.

ඉදින් න්‍යග්‍රෝධය තුළ භරණ ගේ පරිවාරයේ ළබැඳියන් කිසිවෙකුත් හෝ නොමැතිව තනිව හුන්නේ ය. තේජාධන හෝ නිශාධ්‍ය නොවේ ඔහුට කුටියෙන් පිටතට යන සේ හුස්මක් හෝ හෙළීමට ඉඩ දුන්නේ. ඉදින් හේ නිහඬවම සයනයේ වියලට වාරු වී කවුලුවෙන් දුර අහස දෙස බලා හිඳින්නට විය.

අගස්ථි සෙමින් විත් භරණ කුමරුන් ගේ උකුල මත සිය හිස හොවාගනිමින් සයනය මත වැතිරුණි. නිශාධ්‍ය කුටියේ දොරටුව අසල රැකවලහි ය. තේජාධන හදිසියේ පිටව ගියේ යමක් සොයාගත යුතු යැයි පවසමිනි.

ඉදින් සඳබරණ හා නිබඳව රැඳුණේ ඒ නිහඬ අහිංසකයා පමණක්ම විය. භරණයෝ අගස්ථි ගේ සිනිඳු කෙහෙරැලි අතර ආංගුලයන් පටලවමින් ඒ හිස මෘදුව පිරිමදින්නට විය. අගස්ථි ඒ වක්ත්‍රය ස්පර්ශ කළේය. අගස්ථිට කතා බහක් ඇරඹීමට අවැසි වග තේරුම් ගත් සඳබරණ හේ වෙත තම මුව නැඹුරු කරේ මන්දස්මිතයක් සමඟ විය.

"පවසන්න ආථි....... මා අසා සිටින්නේ මළණුවනි........."

අගස්ථි තම දෑත හසුරුවමින් හස්ත සංඥා ඇරඹීය. සඳබරණ කුමරුන් ද ඔහුට පිළිවදන් දෙමින් සංවාදය ට සහය වන්නට විය.

"අයියණ්ඩි දනීද රඝූ නමින් කෙටි කතා ලියන්නෙකුව......."

"ම්න්....... මා දන්නවා....... මා ප්‍රිය කරනවා ඒ කතාංගයන්ට"

"ඒ රඝූ කවුරුන් කියාද සිතන්නේ මගේ භරණ අයියණ්ඩි?!"

"නොදනී ආථි....... මා දන්නේ රඝූ යනු ඔහුගේ අන්වර්ථ නාමය පමණක් බවයි........."

"අයියණ්ඩි......... රඝූ තමා දැන් ඔබේ උකුලෙ හිස තබාන ඉන්නේ!"

"කුමක්ද?!"

සඳබරණ කුමරුන් ගේ මුව විශ්මයෙන් විවර විය. ඒ දෑසද විසල්ව තිබුණි. අගස්ථි හඬ නොනඟාම සිනාසෙන්නට විය. සැබෑවකි, සඳබරණ ගේ වුවනේ දැන් ඇති අභිනය දකින ඕනෑම අයෙකුට සිනහ නැඟෙන්නේය. ඒ හඬ වඩා උස්ව නැඟුණේ දොරටුව අසල රැකවලෙහි හුන් නිශාධ්‍ය ද තිරයෙන් එපිට වූ සයනය දෙස එබී බැලුවේ ය. සඳබරණ ගේ වත දැක සිනාසෙමින් ම නිශාධ්‍ය නැවතත් ද්වාරය වෙත ගියේ තේජාධන ගේ ඉල්ලීම ඉටු කළ යුතු වූ බැවිනි.

♕ විරුදාග්නි ♕ (OnHold)Where stories live. Discover now