10

12 2 0
                                    

"භරණ............. සන්සුන් වන්න මඳක්......... අසන්නකෝ....."

නිශාධ්‍ය කීවේ ප්‍රකෝපකාරී වූ සඳබරණ කුමරුන් ව මඳක් සන්සුන් කරගන්නා අටියෙන් වුවද ඒ වදන් හමුවේ සඳබරණයෝ තවතවත් කෝප ගත්හ.

"සන්සුන්!!!!........... නිශාද් ඔබට අමු කැවුණේද?! ..........

ඔබලා මගෙන් විසල් දෙයක් සඟවමින් මා වෙත අඥාන බාලකයෙක් සේ සලකද්දී මා සන්සුන් විය යුතුයි!

මගේ අක්කණ්ඩී දෙසතියකටත් වඩා කිසිදු හෝඩුවාවකින් හෝ තොරව අතුරුදන් ව සිටියදීත් මා සන්සුන් විය යුතුයි!

කිසිදා නිය පිටින් හෝ පහරක් නොගැසූ මගේම අයියණ්ඩි මා වෙත අතුල් පහර දී මා මෙහි අතැර ගිය පසු මා සන්සුන් විය යුතුයි!

කිසිවක් නොදැන අඥානයෙකු සේ සන්සුන් විය යුතුයි!!!

කුමන ප්‍රලාපයක් ද ඔබ මේ පවසන්නේ නිශාද්?!!!!"

සඳබරණ ට කෝපය දරාගත නොහී දෑසින් කඳුලු වැගිරෙන්නට විය. ඒ හඬ බිඳුණි. අගස්ථි විත් ඔහුගේ දෑතින් අල්වා ගත්තේ ය. ඒ නෙතද කඳුලු වැකි පහළට බරව තිබුණි.

ආයුවර්ධ ගේ කුහුල පිරි හඬද මේ අතර අවධි විය.

"තේජාධන කුමක්ද ඔබ චන්ද්‍රාර් බිඳී යෑමට ධූසරාන්තය සම්බන්ධ වග කීවෙ?!"

විරාධ්‍ය ගේ නෙතද විස්මයෙන් විසල් විය.

"චන්ද්‍රාර් බිඳී ගියා?!........... එය සෑදුවේ තෙදවන් නුවර රාජකීය කම්හලේ රාජකීය ආචාරි තැන නොවෙද?! එය සෑදවූයේ ඉස්තරම් ම යකඩ හා රසතලයෙන් ගෙන්වූ සඳමිණි හා රසදිය යොදා.............

එවැන්නක් බිඳී යාමට...........?!"

"චන්ද්‍රාර් යනු මෙතෙක් රත්නද්වීපයේ මනුශ්‍යයෙක් අතින් තැනුනා වූ උසස්ම අසිපත වග සැබැයි. නමුත් ධූසරාන්තය ඔබ සිතනවාට වඩා ශක්තිමත් මෙන්ම බලවත් අසිපතක්!

මේ ඒ පුරාවත පවසන ධූසරාන්තයම නම්. .......... එය අසුර තලයේ නිමැවුණු එකක්...........! එවැන්නකට චන්ද්‍රාර් පය වැකි දුහුවිල්ලක තරම් හෝ නොවේ.............

එකම විසඳුම විරුදාග්නිය පමණයි."

තේජාධන පැවසුවේ විරාධ්‍ය ට සිය වදන් පූරණය කිරීමට හෝ ඉඩක් නොදෙමිනි. විරාධ්‍ය ට ඒ අසා අනිච්ඡානුගවම සුසුමක් හෙලුණේ අගස්ථි සඳබරණ ගේ දෑත තවතවත් තදින් ග්‍රහණයට ගන්නා විටය.

♕ විරුදාග්නි ♕ (OnHold)Where stories live. Discover now