11

17 2 0
                                    

පුරසඳින් පසු දෙදිනක් ගෙවුණේ තේජාධන හා අගස්ථි බොහෝ සේ දුර්වලව හිඳ යළිත් සිය සවියෙන් අර්ධයක් පමණ තමන් සතු කර ගනිද්දී ය.

ඡවිපාතනය එතරම්ම වේදනාවක් ඒ දෙදෙනාට ගෙන දී තිබුණි. ආයුවර්ධයෝ නිශාධ්‍ය හා විරාධ්‍ය සමඟ ඉදිරි කටයුතු සම්පාදනය කරද්දී නිර්වේද්‍යා සඳබරණ සමඟින් දුර්වල වූ දෙදෙනාට උවටැන් කළේ තවදුරටත් සැලසුම් පමා කළ නොහැකි නිසා ය.

"භරණ........... ඔබ සිටිනවාද ?!"

නිශාධ්‍ය ආවෙ හඬ නඟමින් ය.

"මා මෙහි නිශාද්............ ආථි අසල............."

භරණයන් අගස්ථි ගේ හිස පිරිමැදුම මඳකට හෝ නොනවත්වාම පිළි වදන් දුනි. නිශාධ්‍ය එහි ආයේ අගස්ථි ගේ පිළිතුරින් වත අඳුරු කර ගෙනය.

"මා සිතුවේ ඔබ තේජාධන අයියණ්ඩි අසල කියා....... එවිට නිර්වේද්‍යා ද ඔහු අසල ඉන්නේ?! "

නිශාධ්‍ය හිස කසමින්ම විමසුවේ වික්ෂිප්ත ලෙසය. සඳබරණ එකඟ වන අරුතින් හිස ඉහළ පහළ වනද්දී නිශාධ්‍ය ගේ මුව අග සිහින් මඳහසක් ඇඳී මැකී ගියේ ය.

"අප හෙට අලුයම ගාල්හ නදී තෙර ඔස්සේ ඉහළ දෙසට යාම අරඹනවා."

නිර්වේද්‍යා ගේ වාරුවෙන් අගස්ථි හා සඳබරණ හුන් තැනට ආ තේජාධන කීවේ එහි හුන් නිශාධ්‍යයන් වද තිගස්සවමිනි.
එකෙණෙහිම එහි ආයේ විරාධ්‍ය හා අයුවර්ධය. සඳබරණ සිය වැඩිමල් සොහොයුරා දෙස බැලුවේ ප්‍රශ්නාර්ථයක් සමඟින් විය.

"ඔහු නිවැරැදියි සාවෝ...... ! දැන් විවේක ගන්න. මතක ඇතිව ගෙන යා යුතු දෑ අසුරා තබන්න."

ආයුවර්ධයන් පිළිවදන් දෙන විට විරාධ්‍ය අඩුවැඩිය සම්පූර්ණ කරන්නට විය.

"බොහෝ වස්ත්‍ර අනවශ්‍යයි. ඔබට සුපුරුදු චර්ම වස්ත්‍ර ද්විත්වයක් තිබේ නම් සෑහේ. රෝනාදිය හා බිඳී ගිය චන්ද්‍රාර් ද අසුරා තබන්න. "

ඒ අසා තේජාධන සිහින් සිනහවක් ඒ ලවන් අග වක්‍ර කරගනිමින් ම වතට නඟා ගන්නා අතරෙ පිටව ගියේ ය. නිර්වේද්‍යා අවුත් භරණ අසලින් අසුන් ගත්තේ විස්සෝපයෙනි. ඕ සඳබරණ ගේ හිස පිරිමැදියේ අතුරුදන් වූ තම යෙහෙළිය ගේ අඩුව සඳබරණගෙන් මඳක් හෝ දුරස් කරන සිතින් ය.

♕ විරුදාග්නි ♕ (OnHold)Where stories live. Discover now