"සිතනවා අනෙක් මාවත් දෙකෙහි වූ අයවලුන් ද සුවෙන් වන වගට!
දේවි අනන්ථා ගේ පිහිටම පවතීවා!"
විරාධ්ය ද දෑත එකතු කොට යාදින්නක ස්වරූපය දරාගෙන කීවේ ආයුවර්ධ සිටිවනම හිස පමණක් හරවා තුරු සෙවණේ හුන් තිදෙනා දෙස බලන කල විය.
"ඔය තරමට කුමක් ද සිතන්නේ ආයුවර්ධ?!"
අගස්ථි තනි අතින් මිණිරු ව රඳවා ගෙන සංඥා කරමින් විමසුවේ ආයුවර්ධ හෝරා ද්විත්වයක් ගෙවුණු තැනද වෙනසක් නොකරම අහස දෙස බලාගෙන කල්පනා සයුරේ නිමග්න ව හුන් නිසා ය.
"නිර්වේද්යා මුණ ගැසුණු කළ අනිවාර්යයෙන් විමසිය යුතු පැනයන් ගැන සිතා බලනවා!"
ආයුවර්ධ සිය නේත්රයන් ගේ ඉලක්කය යළිත් සුපුරුදු තන්හි රඳවමින් පැවසුවේ ය.
"නිර්වේද්යා ගෙන්?!
ඒ මොනවාද?!"
අගස්ථි යළිත් විමසුවේ ය. ඒ හමුවේ ඇකයෙන් වැටීමට ගිය මිණිරු ව එහිම රැඳවීමට විරාධ්ය මැදිහත් විය. ආයුවර්ධ අගස්ථි ට රවා බැලුවේ ය.
"මනුරාධගේ මානසික සෞඛ්යය ගැන!
ඔහුව මුණ ගැසුණු විට හා දැන් වෙනසක් තිබේ ද කියා!
මෙයින් යම් මාර්ගය ක් පාදා ගත හැකි වේවි!"
"දැන් රාත්රිය මේ ගස යටද ගෙවා ගන්නෙ?!
අප පමණක් නොවේ ළදරුවෙකුත් සිටිනවා
හිසට සෙවණක් සොයා ගත යුතුයි කී නුඹ ම දැන් සියල්ලම පසෙක ලා කල්පනා කරමින් හිඳිනවා ආයු!"
විරාධ්ය කිවේ නොමනාපයක් වතට නඟා ගනිමින් ය. ඒ හමුවේ නම් ආයුවර්ධ සිය දුර්ලභ සූකිරි මඳහස එහි අවධියෙන් හුන් අනෙකුන් දෙදෙනාට තිළිණ කළේ විරාධ්ය විශ්මයෙන් බලා හිඳින විට හා අගස්ථි රවමින් අන් දෙසක් බලන විට ය.
අවසන සිනහව මැදම නිහඬ ලෙසින් මිණිරු ව රැගෙන ආයුවර්ධ ඉදිරියට යන්නට වූයේ අනෙකුන් දෙදෙනා ද ඒ පසු පස්සෙ එන විට විය.
තවත් අඩ හෝරාවකට පමණ පසු ඔවුන් යළිත් මඟ අසල අම්බලමකට සේන්දු වී තිබුණි.