සඳබරණයන් ට මහ හඬින් යළිත් හැඬුණි. කිසිදා නිය පිටින් හෝ පහරක් තමාට නොගැසූ සිය අයියණ්ඩිය අද තමාට දරුණු අතුල් පහරක් දී වෙනෙකෙකුගේ කුටියක් තුළ තමාව අතහැර දමමින් පිටව ගියේය.
අසල හිඳින්නේ සිය ප්‍රාණ සම මිතුරා වූ නිශාධ්‍යත් අගස්ථි ත් පමණකි. තේජාධන හා ඔහු අතර සබැඳියාව කිසි ලෙසකින් යහපත් එකක් නොවුණි.
දුටු තැන කා කොටා ගන්නා කැළෑ බිළාලයන් සේ මේ දෙදෙනා මුහුණ ට මුහුණ හමුවන සෑම විටෙකම ගැටුණි. එයට දේශන ශාලාව, උද්‍යානය හෝ තටාකාංගනය කියා වෙනසක් නොවුණි. තේජාධන ට සඳබරණ යනු නාගයෙකු ගේ දෑසට හසු වූ අඳු කොළ ම විය. තම මළණුවන් තමාගෙන් ඈත් කොට උදුරාගෙන යාමට ආ ඔහු තේජාධන ගේ ඇසින් අසපුවේ න්‍යග්‍රෝධ තුරු හිසක රැඳි බේඳුරු පැළයක් ම විය.
ඉදින් එවැන්නෙකු හා එකම කුටියක විසීමට සඳබරණ ට නම් සිය සිත සදාලනු නොහැක්කේ ය. නමුත් දැන් තේරීමක් ද නැතිය. සඳබරණ ට හඬා වැටී හෝ සිත සදාලන්නට වනු ඇත.
කුස පුරා අහර ද ප්‍රතික්ෂේප කරමින් අගස්ථි ඉදිරියේ කඳුලැලි දිය කර මුරණ්ඩු ලෙස ගෙවූ දින දෙකකට පසුවය සඳබරණයන් ආයුවර්ධ කුමරුන්ව දුටුවේ. නමුත් කෙටි පිළිගැනීමක් පමණක් දී වැඩිමලුන් තිදෙනා සාකච්ඡාවකට පිටව යද්දී සඳබරණ යළිත් අගස්ථි හා තනිවිය.
මෙසේ තනි වන සෑම මොහොතකම අතීතයේ අතරමං වීම සඳබරණ ට පුරුද්දට ගොස් තිබුණෙන් සයනය මත නින්දේ හුන් අගස්ථි අසලින් ම යළිත් වියලට බරව අසුන් ගත් හේ තම මතක පුස්තකයේ පත් ඉරු පෙරළන්නට විය.
එදා සියල්ලෝම තටාකාංගනයට එපිටින් වූ පුහුණු පිටියට එක් රැස් වූයේ විරාධ්‍ය හා තවත් සගයෙකු අතර වූ ධූර්තයක ජය පරාජය අවසන් කෙරුමටය. දෙදෙනාම අසිපත් ඔසවාගෙන පුහුණු පිටිය මැද පොරයට සැරසෙන සැවුලන් දෙදෙනෙකු සේ කුරුමාණම් සොයන්නට විය. නරඹන්නන් ද මීයකට පිම්ඹා සේ නිහඬය. තුරුහිස අතැර ගිලිහෙන නුගපතක් පොළවේ ගැටෙන හඬ වුවද ඒ නිහැඬියාව මැද පැහැදිලිව ශ්‍රවණය කළ හැකි විය.
තවත් එකෙකුගේ අසුරක සංඥාවෙන් සටන ඇරඹුණි. අගස්ථි හා සඳබරණ ද නිශාධ්‍ය සමඟින් සටන නරඹන්නට වූයේ තටාකයට දෙපාද දමාගෙනය.
YOU ARE READING
♕ විරුදාග්නි ♕ (OnHold)
Ficción histórica♕ විරුදාග්නි ♕ සප්ත අසිපත් එකට බැඳි බැම්මක්