අවසන නිර්වේද්යා හා නිශාධ්ය යන්තමින් කුස ගිනි නිවාගත්තේ අහම්බයකින් මෙන් හමු වූ හෙරලිය ගසකට පින්සිදු වන්නට ය.
උර පොදීන් නොතෙමා ආරක්ෂා කරගත් නිසාවෙන් අවසන දෙදෙනාට හෙරලිය රුක් සෙවණැල්ලේම මුවා වෙමින් තෙත වස්ත්ර උනා දමා පොදියේ වූ වියළි වස්ත්රයකට මාරු විය.
"අක්කණ්ඩී!"
නිශාධ්ය මේ හඬ අවධි කරන්නේ තෙත වස්ත්ර අතෙහි තබා ගෙන චණ්ඩ හිරු රැස් යටින් ඇවිද යන අතරය.
"ම්න්........."
නිර්වේද්යා ගේ පිළිතුර කෙටි විය. ඇයට සිතන්නට බොහෝ දේ තිබුණි. ඉදින් වෙනදාට ගිරවියක සේ දොඩමළු වෙමින් සඳබරණ සමඟ එකතු වී අන් අයවද සිනහ සයුරේ ගිල්වන නිර්වේද්යා අද ගොලු වී තිබුණාය.
"වර්ණා අක්කණ්ඩී තවමත් සුවෙන් ඇති නොවෙද?!"
නිශාධ්ය ගේ ස්වරය තැවුල් සහගතය. අයෙක් ඔවුන්ගේ පලා ගැටුම් කල්ලියට මවක් වූයේ නම් ඒ අභිවර්ණා විය. ඔවුන් සියලු දෙනාම ඇයට දැක්වූයේ ගෞරවණීය සෙනෙහසකි. ඉදින් හිටි හැටියෙ ඇයට මේ සිදු වූ දෙය සැබැවින්ම මේ සියලු දෙනාවම බිඳ වට්ටවා දැමුවේ දර මිට එකට බැඳ තබන හුය කඩා බිඳ අතුරුදන් කොට දැමූ සේ ය.
නිර්වේද්යා සිය කල්කල්පනාවෙන් මිදී බරැති ශ්වාසයක් පහළට අතහැරියා ය.
"වර්ණා කුහුඹුවෙකුට හෝ වරදක් නොකළ අහිංසකාවියක්!
දෙවියන්ට හෝ ඇයගේ තැවුලකදී වෙනතක බැලිය නොහැකියි!
ඉදින් ඈ නිසැකවම සුවෙන් ඇති!"
කෙතරම් බර කොට කීවද නිර්වේද්යා ගේ හඬෙහි වූ සංදේහය සැඟවිය නොහැකි විය. නිශාධ්ය ද බරැති ශ්වාසයක් අතහැර අහස දෙස බැලුවේ පැවසීමට කියා කිසිත් සිතා ගත නොහීය.
~~~
"දැනට ඇත්තේ ඒ පිළිබඳ ව සංදේහයක් පමණයි විරාධ්ය අයියණ්ඩි!
නිසැකවම පැවසිය නොහැකියි!
නමුත්........"
ආයුවර්ධ කීවේ සිය ඇකයේ හුන් මිණිරු ට සහල් කැඳ ස්වල්පයක් පොවන අතරමය.
YOU ARE READING
♕ විරුදාග්නි ♕ (OnHold)
Ficción histórica♕ විරුදාග්නි ♕ සප්ත අසිපත් එකට බැඳි බැම්මක්