18

10 2 0
                                    

ඒ හුන්නේ.........

ඒ හුන්නේ සිහිමඳ ගතියකට පත් ව නින්දට වැටුණා වූ කුඩා දරුවෙකි, නැත.... ඒ කුඩා ළදැරියක් විය. ආයුවර්ධ වහා අසිපත බිමට අතහැර දැරිය අසලට පැන්නේ ය.

අගස්ථි තවමත් සිය දෑතින් මුව වසාගෙනය. විරාධ්‍ය ද කම්පනයෙන් ඒ ළදැරිය දෙස බලා හුන්නේ ය. වයස තවමත් යන්තමින් වසරක් පමණක් වූ ඈ සිහිමඳ ලෙසින් නින්දට යවා තිබුණි.

ආයුවර්ධ ප්‍රවේශමෙන් ළදැරියව සිය දෝතට ඔසවා ගත්තේ ය. අගස්ථි ද සෙමින් ඔවුන් වෙත ළංව ඇය දෙස බලා හුන්නේ විරාධ්‍ය කල්පනාවක නිමග්න වන අතරය.

අවසන අගස්ථි සොයා දුන් දිය බඳුනකින් ස්වල්පයක් මුහුණට ඉස ඇයට සිහි කැඳවා ගැනීමට ආයුවර්ධ සමත් විය.

ඕ සිය මව සොයමින් හඬන්නට වූවාය. නමුත් ඉදින් නොඑන ගමනක් ගිය ඇගේ මව හෝ සොහොයුරාව ඇයට මො⁣වුන් කො⁣තැනකින් කෙළස සොයා දෙන්න ද?

අගස්ථි ගේ ඒ අගස්ථිමය නෙත යළිත් කඳුලින් බරව තිබුණි. විරාධ්‍ය වහා ඉදිරියට විත් දැරිය පිරික්සන්නට විය. එවිටය ඇගේ කුඩා ඉඟ වටා කලු හුයකින් අමුණා තිබූ දිලිසෙන පාෂාණ කැබැල්ල ඔවුන් දුටුවේ.

විරාධ්‍ය ප්‍රවේශමෙන් එය ඇගේ ගතින් ඉවත් කොට ගෙන ඒ මේ අත හරවමින් පිරික්සන්නට විය. ළදැරිය තවමත් හඬන හඬ ඒ නිසල රාත්‍රියේ කසළ සෝදා හරින්නට වට අකල් වැස්ස මැදම ග්‍රාමය පුරා රැව් දෙන්නට විය.

"මෙය යමකින් කඩා බිඳ වෙන් කරගත් කැබැල්ලක් වගෙයි."

විරාධ්‍ය සිය පිරික්සුම් අවසන පැවසුවේ හඬන දැරිය නැළවීමට අගස්ථි සමඟින් සාමූහික ප්‍රයත්නයක් දරනා ආයුවර්ධටය.

"අදහසක් හෝ තිබේ ද මෙය කුමක් දැයි?!"

ආයුවර්ධ ද තමාට නුපුරුදු තාලයකට දැරියද ඔසවාගෙන දෙපසට වැනෙමින් විමසන්නට විය. අගස්ථි ද ළදැරිය ගේ පිටට මෘදු ලෙස තට්ටු දමනා අතරම විරාධ්‍ය දෙස බැලුවේ තමා කරමින් හුන් කාර්යය නවතා පාෂාණ කැබැල්ලට සුරත පෑවේ ය.

ඉදින් විරාධ්‍ය ද එය අගස්ථි අතට දී අගස්ථි ගෙන් පුරප්පාඩු වූ තැනට විත් ළදැරිය නැළවීමට ආයුවර්ධ වෙත සහය වන්නට විය.

♕ විරුදාග්නි ♕ (OnHold)Where stories live. Discover now