නිශාධ්‍ය බරව ගිය නාසය ඉහළට අදිමින් ම විමසුවේ නිර්වේද්යා වෙතින් මෑත් වෙමිනි.
ඒ අනුව නිර්වේද්යා යළිත් ඒ සිව්පදය පැවසුවේ නිශාධ්‍ය ඒ අසමින් ම සිය කඳුලු පිසලමින් හාත්පස සිසාරා බලන්නට විය."දෙවියනි මේ පවසන්නේ එයද?!"
නිශාධ්‍ය පැවසුවේ විශ්මයෙන් ය. නිර්වේද්යා ප්‍රශ්නාර්ථයක් වතට නඟා ගනිමින් නිශාධ්‍ය දෙස බැලුවා ය.
නිශාධ්‍ය යළිත් සිය හඬ අවධි කරන්න ට විය."දකියි නම් කඩතුරා විනිවිද
ඒ පවසන්නේ මේ ධූමයෙන් පිරී ගිය අවකාශය පිළිබඳ ව නොවෙද?!"
නිශාධ්‍ය විමසුවේ තවමත් බරව ඇති නාසය ඉහළට අදින අතරය. නිර්වේද්යා වික්ෂිප්ත ලෙසින් අඩ ලෙස ධූමය මැද පෙනෙන නිශාධ්‍ය දෙස බැලුවේ ඇයට මේ කිසිත් වටහා ගත නොහුණු නිසාමය.
නිශාධ්‍ය නාසය අදිමින් ම යළිත් කල්පනා කාරී ලෙස නාසික්‍ය ස්වරයකින් කතා කරන්නට විය.
"තුණ්ඩගින් රුදු අග්නි එළියද
මෙහි කොහි හෝ ගිනි දැල්විය හැකි ස්ථානයක් විය යුතුයි
ඒක ලක්ෂිත කූප තුළ ඇත
නුඹ සොයන මහරැති වු වස්තුව!නිසැකවම ආලෝකයේ හැසිරීම් රටාව හා සබැඳි යමක් විය යුතුයි කියාමයි සිතෙන්නේ
අක්කණ්ඩී මඳකට පිරික්සමින් බලමු ද අග්නි දල්වා ගත හැකි දෙයක් පිළිබඳ?!"
නිර්වේද්යා ද නිශාධ්‍ය ගේ වදන් වෙත සිය කල්පනා කාරී සවන් යොමා අසා හුන්නේ එක් වරම මෙසේ ඇසුවාය.
"විශ්වාසය වේද?!
මෙකී ධූම අවකාශය තුළ අග්නි දල්වාලීමට උචිතයි කියා……….
මෙය සන්දේහ සහගතයි!"
නිශාධ්‍ය ගේ දෙපා එවර නම් එක තැනම නතර විය.
"ඒ කිමද අක්කණ්ඩී?!"
"ධූමය තුළ අග්නි දල්වන ලෙසට මනස යොමු කරවනවා!
ධූමය ඇවිලී ගිය හොත්?!
මෙතැන ස්ඵෝටය වීමට ද හැකියි!
නමුත් ඔබ නිවැරැදි විය හැකියි
ආලෝකයේ හැසිරීම් රටාව මග පෙන්විය හැකියි.
YOU ARE READING
♕ විරුදාග්නි ♕ (OnHold)
Ficción histórica♕ විරුදාග්නි ♕ සප්ත අසිපත් එකට බැඳි බැම්මක්