විහාස් හිටියේ කුස්සියේ කට්ටියටම උදේට බොන්න කිරි හදන කදන ගමන්. යුගාන්ට සම්පූර්ණ සුදු කිරි එකක් වෙද්දී. නේත්‍රට නම් බලය ජවය ශක්තිය ගන්න නෙස්ටමෝල්ට් එකක් ඕනෙමයී.
"චූටී තාත්තී නංගී අඩනවනේ."
"අප්පච්චී නැද්ද රත්තරන්."
"අප්පච්චී චූටී මල්ලිව තියන් දොයි. ඩෑඩ් මීටින් එහෙකනේ." විහාස්ගේ මූඩ් එක දැන් නම් 'ආඅහ් ස්ටෙස්' වගේ.
"ලොකු... අප්පච්චිගෙයි තාත්තිගෙයි කිරි එක ගිහින් දෙන්නකො. මම නංගිව බලා ගන්නකම්." විහාස් එයාගේ ලොකු පුතාට යුගාන්ගෙයි නේත්‍රගෙයි කිරි වීදුරු දෙක අතට දුන්නේ ඔලුවත් අත ගාන ගමන්. එහෙන්මම විහාස් බබාලගේ කිරි බෝතල් දෙකත් අරන් උඩට ගියේ අඩන බබාව නළවන්න බලාගෙන.
"අප්පොච්චියේ. මෙන්න වැඩක්, අප්පච්චිගේ ප්‍රින්සස් කක්කී කරගෙනනේ. අපි වොශ් එකක් දාන් එමු මයේ අම්මා. ම්ම්" විහාස් ගෙදර එකම කෙලි පරානෙව අතට අරන් නැපීස් අයින් කරලා හරි පරිස්සමට කෙල්ලව හේදුවේ කෙල්ල හරි ඉක්මනට අසනීප වෙන්න බලන නිසයි.
'රිතූ කේශාවී' කෙල්ලගේ නම තිබ්බේ යුගාන් වෙද්දී කෙල්ල ඇමරිකාවේ සරොගේට් ක්‍රමේට ඉපදුනේ තද කලුපාට ඇස් වලට උරුමකන් කියන ගමන්.
"අප්පච්චිගෙයි, ඩෑඩ් ගෙයි ප්‍රින්සස් සූදයිනේ දැන් ඕඔ, සූදයි." විහාස්ගේ කෙල්ලගේ බඩට නහය තිය කිති කවන ගමන් සුවදයි කිව්වේ කෙල්ල අත් එයාට මෙහාට වනන ගමන් හිනා වෙද්දී.
"කුක්කූ බීලා දෝ ගමූ අපි. කෝ ඉතින් අප්පච්චිගේ වස්තූ කුක්කු බොනෝනේ."
"පුතා ගිහින් දුන්නනේ තාත්තී." විහාස් පොඩි කෙල්ලට කිරි පොවන ගමන් ඉන්දැද්දී ලොකු කොල්ලා ඇවිත් ගිහින් දුන්නා කිව්වේ විහාස්ගේ එහාපැත්තෙන් වාඩී වෙන ගමන්.
"මගේ කොල්ලා ලොකු ලමයෙක්නේ දැන්." විහාස් කොල්ලගේ හිස් මුදුනට හාදුවක් තිබ්බේ කොල්ලත් අනික් පැත්තට විහාස්ගේ කම්මුලට කිස් එකක් දෙද්දී.
'විවේග් ශාක්‍ය මිහිරාන්' මේ ගෙදරට ලොකූ ළමයා. යුගාන්ගේ වගේම නිල් ඇස් තියෙන ඇමරිකාවේ ඉපදුනු නිසා දුඹුරු පාටට හුරු කොණ්ඩයක් තියෙන විවේග්ට දැණ් නම් වයස අවුරුදු 8යි.
YOU ARE READING
අපි අපේ
Non-Fictionඅසම්මතේකිනුත් අසම්මතයක් උන අපේ ආදර කතාව දැන ගන්න ඔයත් එකතු වෙන්න