"වෙද මහත්තයා වෙද මහත්තයා...."
"උදේම මොකාද බොල මේ කැ ගහන්නේ.."
සරමත් කැහැපට ගහගෙන දොර දෙකේ පියන් දොර ඇරගෙන වෙද ගෙදරින් එලියට ආවේ සේන වෙදමහත්තයා.. අහල ගම් හතටම ඉන්න එකම වෙදා තමයි සේන වෙදමහත්තයා . වෙද කමට වගේම ගුරුකමටත් උපන් හපන් කම් තියෙන යකා වගේ මිනිහා. හැටේ දශකෙත් පන්නලා හිටියට මොකද හයි හත්තිය අතින්නං කිසි අඩුවක් වෙදමහත්තයට තිබ්බේ නැතුවා..
"අප්පේ වෙද මහත්තයා බුදු බව අත් වෙන්න ඕනෙ මගේ මේ දරු පැටියව පොඩ්ඩක් බැලුවා නම්..."
"ගෙනෙන් ගෙනෙන් ඉක්මනට.. රාජු රාජු..."
"එනවා වෙද මහත්තයා..."
"ඔය පැදුරක් ගෙනෙක් විගහට...""ක්....වෑ...ක් "
මේ උදේ පාන්දරම කාලකෝට්ටිය වෙද ගෙදර. සරම කඩා දාලා ඇද ගන්න ගමන් ආවතෙව කරන එකාට කැ ගහපු වෙද මහත්තයා කාරලා කෙල ගැහුවේ ලෙඩෙක් බලන්න කලින් කරන කෙමක් නිසා..
"දිගා කරපන් පැටියව මේකෙන්..."
සය අවුරුද්දක් පිරෙන්න එන කොලු ගැටයෙක් උස්සන් උදේ පාන්දර උගේ අප්පා ඇවිත් තියෙන්නේ කොල්ලට සහලෝල උණ හින්දා..
"කවදා ඉදලද මේ..."
නාඩි අල්ල අල්ලා බලාපු වෙදරාල කොල්ලගේ අප්පොච්චගෙන් ඇහුවේ මිනිහා උත්තර බදිද්දී..
"අනෙ.. වෙද මහත්තයෝ කොල්ලට දැන් දවස් තුන හතරක් ම උණ...."
"ම්ම්.. උබලා කොහෙද.."
"එහා ගොඩේ වෙද මහත්තයෝ.."
"ම්ම්ම්..."
ටික වෙලාවක් කොල්ලා දිහා බලන් ඉදපු වෙද මහත්තයා හැරුනේ රාජු දිහාට..
"එන්ට කියාපාන් මා පුතාට..."
"රනා ගුරුන්නාන්සේ වෙද ගෙදර නැතුවා වෙදමහත්තයා..."
"අර මොකෑ..."
"වතුර හරවන්ඩයි කියලා ගියා නොවැ.."
ගෙට ගියපු වෙද මහත්තයා ආයේ ආවෙ දිසියකට තෙල් ටිකක් මතුරන ගමන්..
"ඔහොම ඉදින් කොල්ලට දැන් නින්ද යයි.. රාජු කොල්ලව පොරවපන් අර රෙද්දක් ගෙන්නලා.."උබ වරෙන් මාත් එක්ක.."