"ඇයි අඩන්නේ කියපන් දේව් මාව යකා කර ගන්නේ නැතුව.."
"යන්න එපා නෙ රනා අනේ දොර අරින්න එපා.."
"උබට මොකද උනේ..කියපන් දේව් උබට කවුද මොනාද කීවෙ.."
"අනෙහ්.."
රනාගේ ඉවසීමේ අවසාන අඩියටම ආවේ දේව්ව ඇදෙන් ඇදලා බිමට දාද්දි.
"අහ්ව්.."
"අඩපන්..අඩපන්...අඩලා ඇති උනාම ඇවිත් කියපන් ඇයි තෝ අඩන්නේ කියලා. හැබැයි උබට ඉස රුදාවක් ඇල්ලුවොතින් එහෙම උබව මකවනවා මං.."
තිබ්බ තරහට කන්නාඩි මේසේ උඩ තිබ්බ බෝතල්වලට වැරෙන් පහරක් ගැහුවේ දේව් බයටම ගුලි වෙද්දී.කන්නාඩියෙන් තමන්ගේම රූපේ දිහා බලන් හිටි රනා දේව් ලගට ගියේ දේව් අඩියක් පස්සට යද්දී. දේව් ව උස්සලා අරන් ඇදෙන් ඉද ගත්තේ අතේ අනිත් පැත්තෙන් ඒ කදුළු පිහන ගමන්.
"ඇයි රත්තරනේ අඩන්නේ.. හේතුවක් කියපන් මට දැන ගන්න..මං උබ අඩනවට කැමති නැ යකෝ...මට තරහා යනවා.."
රනාට ගුලි වෙලා ඉදපු දේව් ඔලුව ඉස්සුවේ රනා ඒ කම්මුලට හාද්දක් දෙද්දී.
"ඊයේ.....
අතීතය....
රනා කාමරෙන් එලියට ගද්දිම රනාගේ අතේ එල්ලුන සක්කරවට්ටමට බැනලා යන්න ගියේ මං ඒ දිහා බලන් ඉද්දි. මං ගියේ කුස්සියට යන්න.
"පොඩි හාමු ඔහොම නැවතියන්.."
"......"
"උබ මොකක්ද මෙ අයියන්ඩි එක්ක කාමරා ගානේ නටන විගඩම.."
"මොන විගඩමද.."
"උබලා කාමරා ගානේ දොරවල් අගුල් ලාගෙන මොනා කරනවද කවුද දන්නේ. මහා ඒකි වගේම නැතැ ඒකිගේ පැටියා. එදා ඉදලා තොපි දෙන්නම කරේ මට අයියණ්ඩිව නැති කොරපු එක..."
"උබ නොදන්න දේවල් නොකියා ඉදින්.."
"මොනාද බොල මං නොදන්නේ තෝ දැන් අයියණ්ඩිව දැලේ දා ගත්තා මදිවට කාමරා අස්සේ ලගින්නත් පටන් ගත්තාද. හැබැට උබට විලිසංගයක් ඇත්තෙම නැද්ද. එකට අතටක වලව්වේ උන්ට කොහෙන්ද චාරයක්.උබ නම් මහා මෝඩයෙක් හාමු රනා ඉන්නේ උබේ රුපෙට වහ වැටිලා මිසක් නිකන් නෙවෙයි. පිරිමියෙක් ට පුළුවන් ද තවත් එකෙක් සතුටු කරන්ට.."