"රනා.. "
"පොඩි හාමු.. "
තම කාමරෙහි ඇදට පිට දී ඇස් දෙක වසන් උන් රනාගෙ දැහැන බිදුනෙ පොඩි හාමු පැමිණීමත් සමගයි.
"රනා කලින් මොකක්ද කිව්වේ.."
"නිච්චියක් නැ පොඩි හාමු.."
"රාකෙශ් කියන්නෙ කවුද රනා.."
"රාකේෂ් නෙවෙයි පොඩි හාමු රකිත නාෂිත් ඒ මගේ නම.."
"රනා කියන්නෙ ඒකද.."
"ම්ම්.. පොඩි හාමු ආවේ.."
"මයේ පුතේ.. හෙට රත්නපුරේ නංගි....."
එහෙම කියාගෙන වෙදහාමිනේ රානාගේ කාමරයට ඇතුළු උනෙ දෙව් රනාගේ මුහුණ දෙස බලා ඉදිද්දී.
"අම්මා මං කිවනේ.. ඔය අදහස් හිතෙන් අත් අර ගන්න.."
"පුතේ.."
"පොඩි හාමු.. උබට අමාරුවක් නැත්තනම් යමන් මාත් එක්ක පැල් කොට දිහාට.."
"හා රනා.."
"අම්මා උබලත් ඔය කැමති දෙයක් කර ගනින්. ඒත් මගේ පුරස්න මට විසදා ගන්න ඉඩ හැරපන්.. මන් පෙලවහක් කර ගන්නේ මට කැමති කෙනෙක් ව.."
"පුතේ ඒ කෙලි හොද කෙල්ල මයේ පුතේ.. ගෙදර වැඩ පොල උනත් කරන්න හරී දස්සයි ඇච්චි කාලේ ඉදලම.."
"අම්මට ඕනෙ ගෙදර පල වැඩ කර ගන්ට කෙනෙක් ද.."
"පුතේ.. මං නැති දාක උබට උබේ පැටියෙක් ට කන්න අදින්න ගෙවල් දොරවල් පිළිවෙලක් කරන්න පුළුවන් වෙන්ට එපැයි.. "
"ම්ම්ම් එහෙම ඕනේ කෙනෙක් ට මයේ අම්මා කැමති ද.."
"මං වඩා මනාප සුමනා කෙලි මේ ගෙදරට පය ගහනවට.."
"ම්ම් එක මෙදා කපේට වෙනේ නැ මයේ අම්මා ..පොඩි හාමු යමන්.."
රනා පොඩි හාමුත් එක්කලා පැල් කොට වලට ගියේ අද එක පල්කොටෙක රෝගියෙක් ගෙදර යන නිසා..
"රනා වෙද මහත්තයො..."
එකෙක් ඇවිත් රනාගේ කකුල් අල්ලලා වැන්දේ වෙන දෙයක් පොඩි හාමු තේරුමක් නැතුව බලන් ඉද්දි..
"නැගිටපන් මාමණ්ඩි.. මොකෑ මේ බිම බඩ ගාන්නේ.."
"වැදලත් මදී වෙද මහත්තයො.. ඉනෙන් පහල දැනීමක් නැති මාව සුව කරාට.."