"අයියන්ඩි..""කියපන් සුමනා.."
"රනා පුතයි අපේ කෙලියි තීන්දු කරොත් නරකද..? කොහොමත් නෑනයි මස්සිනයි නෙ. කතාවකුත් තියෙන්නේ නැනා දෙන්නේ මස්සිනාට කියලා .."
"ම්ම්ම් කොල්ලා බැ කියනවා නම් මේක අහවරයි නගා උබලා ඌට බල කොරන්ට ගිහින් තියෙන ඇයි හොදයිකම් නැති කර ගන්ට එපා.."
වෙද මහත්තයා ගෙතුලට ගියේ හාමිනේ හොයාන උනත් අම්මා එහෙන් කුටු කුටු ගාද්දී දෝණිඇන්ද මෙහෙන.
.
.
."නැන්දේ තාම අයියන්ඩි නැ නෙ.."
"හෙට එයි දුවේ.."
"මේ වැස්සේ කොහෙද නැන්දෙ ඉන්නේ.."
"ගල්කන්ද වලව්වේ ඇති.."
"එක අයිති රනාටද..?"
"ඔව් මේ ටිකේ ගෙදර හිටියට වැඩිහරිය ඉන්නේ එහෙ.."
"මා අයියන්ඩි එක්කලා දීගේ ආවම මෙහෙ ඉමූ කියන්නන්.."
"කැහ්ම්.."
"අපේ මහත්තයා.."
"වර මෙහෙ.."
හොද්දක් හද හදා ඉදපු වෙද හාමිනේ දිහාට තද බැල්මක් දාපු වෙද මහත්තයා ටිකක් සැරෙන් කතා කරේ ඔසරියට උඩින් ඇදන් උන් චිත්තෙන් අත පිහන ගමන් වෙද හාමිනේ වෙද මහත්තයා ලගට දුවද්දී.
"අපේ මහත්තයා.."
"ආයේ මෙ ගෙදර රනා අකමැති මගුලක් ගැන කතා වෙන්ට තහනම්. තේරුනයි.."
"මහත්තයා.."
"අඩු කුලේ උන්ට මගේ කොල්ලා දෙන්නේ නැ. තව එකක් හාමිනේ කොල්ලා අකමැති නම් කොහොමත් කුලේ මොක උනත් කසාදයක් වෙන්නේ නැ.."
"අක්කණ්ඩිගේ හිත තලන්නේ කොහොමෙයි මහත්තයා .."
"ඒවා උබ බලා ගනින්.."
යන්න ගියපු වෙද මහත්තයා ආයේ නැවතුනා.
"මතක තියා ගනින් හාමිනේ උබලා ගොයිගම උනාට අපි වලව් කාරයෝ. උබේ නගාගේ මිනිහා පද්දෝ එහෙව් මයේ එකාට අඩු කුලේ එකියක් කර ගහන්ට මෙ සේන ඉඩ දෙන්නේ නැ බොල.."
ඇගිල්ල උරුක් කර වෙද හාමිනේට බැන වදින දිහා වෙද හාමිනේ බලා උන්නේ තැති ගැම්මෙන්.
.