"ආවද..."
"ම්ම්ම්.."
"මොකද පොඩි මැණිකේ කියන්නෙ..."
"දිගේ ඉවරයි කියන්නෙ.."
"ම්ම් මන් ඕක මහා හාමුට කලින්ම කීවා... අපරාදේ ජිවිතයක්..."
"ම්ම්ම්... "
රනා එ අතරෙ හිටියේ එක ඇස් දෙකක් අස්සේ අතරමන් වෙලා..
"මොකද කිව්වේ..."
"පොඩි හාමුව ගමට හුරු කරන්නයි කිව්වේ...."
"ම්ම් ඒක හොදා... කුමාරිහාමි එක්ක ඇයි හොදයි කම් ගානට තියා ගනින් පුතේ..."
"මට ආයේ ඔය ගැනිගේ මුණක්වත් බලන්න ඕන්නෑ අප්පච්චි..."
" උබේ හිතේ කැකාරෙන තරහව නම් එච්චර හොද එකක් නෙවෙයි රනා .. "
"අප්පච්චි මන්...."
"මන් උබේ අප්පච්චි. මන් නොදන්නවයි මයේ පුතා ගැන.."
රනා නැගිටලා ගෙට ගියා.ඒ යන දිහා බලන් ඉදිය වෙද මහත්තයාට ඉස්සරහට වෙන්න තියෙන නස්පැත්තියක පෙර නිමිති දැනෙන්න ගත්තා. .
"උබ කරන්න අර අදින්නේ නම් හොද වැඩක් නෙවෙයි පුතෙ...."
වෙද මහත්තයා එහෙම හිතුවේ රනා කියන්නෙ ලේසියෙන් වෙනස් වෙන චරිතයක් නොවන නිසා..
_________________________________________
"නමෝ තස්ස භාගවතෝ අරහතෝ...................."
උදේම සිතල වතුරෙන් නාගෙන රානා මුලින්ම කරන්නේ බුදුන් වැදලා දෙවි දෙවතාවොන්ට පින් දෙන එක. ඔක්කොම ඉවර කරලා රනා ඇවිත් හාන්සි පුටුවෙන් ඇදී ගත්තේ ඊට එහා පුටුවේ වෙද මහත්තයා ඇදී ගෙන ඉද්දි.
"අප්පච්චි යක්ෂ බැන්දනයක් අයින් කරන්න ඒක කරපු ගුරාට ඇර වෙන එකෙක් ට බෑ .."
"පුස්කොල පොත් කියෙව්වද...?"
"ඔව්..."
"මොනාද තිබ්බේ... අප්පච්චිගෙන් මට ඔය සාස්තරේ දුන්නා. මන් ඒක උබට දුන්නා ඒත් මන් වෙද කම ඇරෙන්න ගුරු කම කරේ නැ නොවැ.."
" භයානක වැඩක් අප්පච්චි... ගැස්සුනොත් රීරි කඩවර අපේ බෙල්ල කඩන් යාවී... ""ගොනෙක් හරි මුවෙක් හරි දඩයන් කරලා කඩවර කාරිය පුදන්න ඕනෑ වරු තුනක් යන්න කලියෙන් ..."