"දේව්..."
"ම්ම්ම්.."
"මේ මේ දරුවා අඩනවා.."
දේව් අමාරුවෙන් ඇස් ඇරියේ තෙමසක් වයස පුංචි කොල්ලෝ දෙන්නා අම්මට හරී හරියට කරදර කරද්දී.රනා අහක බලා ගත්තේ ඒ දිහා බලන් ඉන්න උවමනාවක් නොතිබුන නිසා.. දේව් මේ මාස තුන පුරාම අත්වින්ද සිදු වීම නම් දරුවන්ට කිරි දෙන හැම වෙලේම රනා ඉවත්ව යෑමයි.පුංචි තීර්ථ පැටවූ දෙන්න ඇස් කරකවන්න ගන්නේ හැම වෙලේම අප්පච්චිව හොයන්න වගේ.. ඇස් ඇරන් ඉන්න වෙලාවක් ඇත්තන් ඒ ජිල් බොල ඇස් දුවන්නෙම රනා පස්සේ.. රනත් ඊට දෙවෙනි නොවී කොයි වෙලෙත් දරුවන් එක්කම ඉන්න ගත්තේ දේව් ගෙ නොරිස්සුම වැඩි වෙද්දී.. දැන් රනා දේව් ව අල්ලන්නේවත් නැති තරන්... නින්ද යද්දී වෙනදට දේව්ට තුරුළු වෙන රනා දැන් ඇදේ අනිත් පැත්තට නිදා ගන්නේ දේව්ගෙ ඇස් වල කදුළු පිරෙද්දී.. අදත් ඒ වගේම දවසක්.. දවසම දරුවෝ එක්ක ඔට්ටු වෙලා දේව් ට හරී මහන්සි.. රනා ගෙදර එන්නෙත් රෑ බෝ උනාම... හේනේ වැඩ වලට උදව් වෙන්න අප්පච්චි එක්ක හේනට යන නිසා දරුවෝ බලාගෙම ගෙදර ඉන්න එක දේව් ට එපා කරපු වැඩක්.. නාගෙ නම බඩගිනි කියලා ගෙට ගොඩ වෙන රනා කාලා යන්නේ දරුවෝ ලගට... දේව් ඇදට එනකන් දරුවෝ එක්ක ඔට්ටු වෙලා දරුවෝ නිදිය ගත්තම නිහඩවම රනත් නින්දට යන්නේ දේව් ගැන අහන්නෙවත් නැතිව.. දරුවෝ දෙන්නට පැනල් රෙද්දක් පොරවනකන් ඉදපු රනා ආයේ ලයිට් නිවලා ඇදට ආවේ අනිත් පැත්ත හැරිලා රෙද්ද පොරවන්..දේව් ගෙ ඇස් වලින් කදුළු වැටෙන්න ගත්තේ දේව් ටත් නොදැනීමයි.
රනා දේව් දිහාට හැරුනේ දේව් ඉකි ගහන නිසා..
"දේව්..."
රනා දැන් ආදරෙන් කතා නොකරන තරම් දේව් නැත්තන් බං කියන්න රනා පුරුදු වෙලා ඉදියේ දේව් එක්ක කතා කරන්න කාලයක් රනා වෙන් නොකරපු නිසා..
"ඇයි.. මේ.. දෙව්.. උබ අඩනවද.."
රනා ඇදෙන් නැගිට්ටේ ඉබේටමයි..
"මොකද උනේ දේව් ඇයි මේ.."
"මොකුත් නැ.."
"මොකුත් නැ කියන්නෙ මොකක්ද.."
"උබට වෙන උන් ඕනේ නම් ඇයි රනා මාව.. මාව මගේ අප්පච්චි ලගට ගිහින් දාන්න.. මං මෙච්චර දෙයක් කරලත් ඒ මනුස්සයා විතරයි මට ඇත්තටම ආදරේ කරේ... ඒ මනුස්සයා විතරයි කොහොමත් මට අන්තිමට ඉතුරු වෙන්නේ..."