හත්වන කොටස

238 44 8
                                    

"ඔහොම නැවතියන් පොඩි හාමු.."

"ඇයි නැන්දේ.."

"මේ යාමේට එලි බහින්නෙකාන.."

"රනා ලගටනේ යන්නේ නැන්දේ.."

"යන්ට එපා පේනවා නෙ අරුඩෙන් ඉන්නේ.."

"ඇයි ඒ වෙද නැන්දේ එච්චර දාඩිය දාලා.."

ඒ වෙනකොටත් තට්ටුවක් ඉස්සරහා ඉගෙන මතුරපු රනාගෙ සුදු බැනියම තෙත් වෙලා තිබ්බේ දාඩියට.

"අපේ රනා වැඩ කොරන්නේ දෙයියෝ එක්ක නෙවෙයි දෙයියෝ කෝප කරන යක්කු එක්ක.."

"මොක්කු..."

"යක්කු ම...සෝහොන් යක්‍ෂ පරානේ එක්ක.. "

"වෙද නැන්දේ.."

"පොඩි හාමු.."

"අර මිදුලේ තට්ටුවක් තියලා. වෙද අප්පච්චි බෙර ගහද්දි රනා මතුරන්නේ මහසෝනාටද..?"

"කට කට පොඩි හාමු දෙගොඩ හරියේ ඔය නම කටින් කියන්ට එපා.."

"කියන්නකෝ නැන්දේ.."

"ඔව් පොඩි හාමු.."

"රනා ලග හැම වෙලේම ඉන්නවද නැන්දේ.."

"අපේ රනා දෙයියෝ වගේම රිටිගල ජයසේන උත්තමායාවත් අදහනවා පොඩි හාමු.."

"ඉතින් ඒ දෙන්නම එකෙක් නෙ.."

"කවුද පොඩි හාමුට කිවේ.. ඒ දෙන්නා දෙන්නෙක්.."




හොරා දෙකකට පසු..

"ඕන් අහවරයි කොල්ලා ආවාම ඉතිරි ටික අහ ගනින් පොඩි හාමු.."

"අම්මා මට කහ වතුර එකක් ගෙනත් දීපං.."

"ආ පුතේ.. "

රනාට හොදටම දාඩිය දාලා ඇස් ගොරකා මද වගේ රතු වෙලා. උඩට කරලා ගුලියක් ගහන්න ඉන්න පොකුටු කොණ්ඩෙ දාඩියෙන් තෙත් වෙලා.වෙද නැන්දා ගෙනත් දුන්න කහ වතුර පනිට්ටුව රනා අතට ගත්තේ මගේ දිහා බලන ගමන්.

"නා කියාගෙන වරෙන් කො පුතේ බතල වගයක් තැම්බුවා කන්ට.."

"පොඩි හාමු.කෑවා නම් නිදා ගනින්.. දැන් දොළහේ හොරාවටත් කිට්ටුයි.."

"නිදිමත නැ රනා.."

"පොඩි හාමුට කන්ට දෙන්න නෙ තිබ්බේ හාමිනේ.. "

රනා.. (Completed )Where stories live. Discover now