දේව්..."
"ඇයි..?"
"මෙහෙ වරෙන්.."
දේව් රනා ලගට ගියේ රනා දේව් ව ඔඩක්‌කට අරන් හාන්සි පුටුවෙන් හාන්සි වෙද්දී.
"අප්පච්චිට තරහා කාරයෝ හිටියද දේව්.."
"ම්ම් නැ.."
"හොදට කල්පනා කරපන්.."
"නැ අනේ, අපේ නැන්දා විතරයි තරහා.."
"නැන්දා කවුද..?"
"අප්පච්චිගේ නංගි.."
"ඇයි තරහා.."
"වලව්වට හොදම ආදායම එන පොල්වත්ත නැන්දා ඉල්ලුවා ඒක දුන්නේ නැ කියලා.."
"ම්ම් උබත් එක්කත් කතා කරන්නේ නැද්ද.."
"මට කොහොමත් කැමති නැ රනා.."
"අර මොකද..?"
"අප්පච්චි අම්මව කැන්දන් යන්ට කලින් නැන්දට හරී ආදරෙයි ලු මායි අම්මයි ආවම නැන්දාව පැත්තකට උනා කියලා මට බනිනවා දැක්ක තැන.."
"ම්ම්ම්.."
"අම්මා නම් කීවේ තරහට නැන්දා මොනා හරි කරලා කියලා අප්පච්චිට අපිව එපා වෙන්න.."
"ම්ම්ම්.."
"මට බයයි නෙ රනා.."
"ඇයි..?"
"අර සක්කරවට්ටම අපිට එහෙම කරොත්.."
"ගුරෙන් එක්ක හැප්පෙන්න ලේසි නැ දේව්..උන් එහෙම කරොත් ඒ උන්ගේ සනුහරේම ජීවත් වෙන අන්තිම දවස.. "
හාන්සි පුටුවේ ඔලුව තියන් රනා ඇස් දෙක වහ ගත්තේ දේව් රනාගේ පපුවට තුරුළු වෙද්දී. දේව් ගේ ඉන වටේ ඒ ශක්තිමත් අත් දෙක පැටලුනේ තවත් ඒ සද්දන්ත ශරිරේට හිර කර ගන්න ගමන්.
"දේව්.."
"ම්ම්හ්.."
"උබ නිදි ද..?"
"ම්ම් කියන්න.."
"අමාරුද මයේ අම්මට.."
"දැන් නැ රනා.."
"ඔය ඉතින් ඩිංග ඇත්තන් රතු වෙනවා.."
"ම්ම්හ්.."
"කෙදිරි ගන්න එපා බං.."
රනා දේව් ගේ බෙල්ලේ නහය ඇතිල්ලුවේ දේව් ට කෙදිරිගැවෙද්දී.