විසිහතරවන කොටස

167 40 32
                                    

රැයක් පුරාවට අමනුස්සයෝ එක්ක පොර බැදපු රනාට මහන්සියටත් එක්කම නින්ද ගියේ දේව් ඒ ඔලුව අත ගාපු සනීපෙට.

"රනා.."

"ම්ම්.."

"රනා අම්මා කතා කරනවා.. නැගිටින්නකෝ.."

තද නින්දකට සිටි රනා ගේ නින්ද කැඩුනේ එළියෙන් වෙද හාමිනෙ කතා කරනවා ඇහුන නිසා.

"ඔහොම ඉදින් මං බලන්නන්.."

ඇදෙන් බහින්න ගියපු දේව් ව නතර කරලා රනා සරම ඇද ගන්න ගමන් ඉස්සරහට ගියෙ දේව් කුස්සියට යද්දී.

"මොකද පුතේ දොරවල් වහන්.."

"නින්ද ගියා අම්මා.."

"මුස්පේන්තුයි ගෙදරම මුසලයි.. දවල්ට මොකාද දොර ජනෙල් වහලා බුදිය ගන්නේ.. ඔව් ඉතින් කිසි සිරිතක්‌ දන්නේ නැති කිසි විලිසංගයක් නැති උන් කර ගැහුවම ඔහොම තමා. අඩුම කසාද බදිනකන් වත් ඉවසන්න පුළුවන් උනා ද.. උබට බැරි උනත් අරු දැන ගන්න එපැයි උබව මෙල්ල කර ගන්න. කොහෙද වේස කම ඔක්කොටම වැඩි නෙ. අම්මා උනත් කරේ ඕක නෙ තමන්ගේ නන්ගිගෙ කසාද ජිවිතේ ම අවුල් කරලා ඌ කොහේ ඉන්නවද දන්නැ .."

"මොනාද අම්මා කියන්නෙ ආ...කසාද බදිනවද නැද්ද කියලා මං බලා ගන්නන් මොකක්ද විලිසන්ගයක් නැති කතාව.."

"කලින් වචනයකින් නොකීව උබ දැන් මේ අම්මට ඔහොමද පුතෙ කතා කරන්නේ.. ගැනිගේ පදේට නටන්න ද මං උබව හැදුවේ කර දඩු උස් මහත් කරලා. තෙල් පාට හම දැක්කාම කොහොමත් පිරිමි නලියනවා තමයි. පේනේද මුගේ ඇදුම් යට කෑල්ලම නැ ඕවා එළියේ දාලා තමා උබව දපනේ දා ගත්තේ.."

තරහා ගියත් රනා ඉවසුවේ තමාගේ අම්මගේ හිත බිදින්න ඕනේ කමක් නොතිබුණු නිසා. දේව් ට කියන කතා නොනවත්වන බව රනා හොදටම දන්නවා. අම්මා කීව කතාවෙත් වරදක් නැති බව රනා නොදන්නවා නෙවෙයි නමුත් ඔය කොයි දේටත් වඩා ආදරය වෙනස් නොවන එකක් බව තේරුන් ගන්න හොදම උදාහරණයක් නම් පරාක්‍රමයි . පරාක්‍රමගේ ජීවිතේට ගැවෙන ගෑනු බාග වලට අත් වෙන ඉරණම නම් නමට බිරිද වීම පමණක් බව රනා නොදන්නවා නෙවෙයි ඊට හේතුව දේව් ගෙ මවයි. දේව් අම්මාගේ රූපේ අරන් මෙලොව එලිය දුටු නිසාවෙන් ගම්මුන් පවා කුමාරිහාමිගේ හැඩහුරුකම් හන්දා  හිතන් ඉන්නේ දේව්‍ කුමාරිහාමිගේ දරුවෙක් ලෙසයි.

රනා.. (Completed )Where stories live. Discover now