දහවන කොටස

219 49 38
                                    

"කො එහාට යන්න රනා.."

රනාව පැත්තකට තල්ලු කරපු දේව් එතන හෝදලා තිබ්බ ඌරු මස් ටිකට තුන පහ ලුණු දාලා සුදු ලුණු, ඉගුරු, ගම්මිරිස්, කරදමුංගු, තව තවත් ජාති අරන් ගල ගෑවේ රනා කටත් ඇරන් බලන් ඉද්දි. තේ එකක් හදා ගන්න බැරි පිම්පියා කොහොමද යකෝ උයන්න දන්නේ වගේ බැල්මකින් රනා බලන් ඉදියේ වැඩ්ඩා වගේ පටන් ගත්තට කොහේ හරී අනා ගයි කියලා හිතලා උනත් සුවදට පාටට මස් එක ඉදෙද්දී දේව්‍ ගෙ මුනේ තිබ්බේ කනක්කල් හිනාවක්. දවල් ගෙනත් දුන්න කෝප්ප කොළ ටික හීනියට ලියලා පොල් දාලා රනාගෙන් දෙහි කැල්ලක් ඉල්ලුවේ ලුණු දාන ගමන් මයි.

"ම්ම් දැන් හරි.."

රනා ගිහින් මස් එකේ ලුණු බැලුවේ ලුණු පොල්කට්ටම එකේද බලන්න.

"තව මොනාද ඕනේ.."

"මේ ඇති නෙ තව ඕනේ ද..?"

"මොනාද බත්.."

"කැකුළු.."

"ම්ම් කැකුලේ බතට හරියන්නෙ මස් එක්ක පරිප්පුයි තමයි.."

"ආන් අර බාජනේ ඇති පරිප්පුයි අරන් හදන්න. මං නාගෙන එන්නන්. පේනවා නෙ අකුණු ගහනවා.."

"හා.. "

රනා පුදුමෙන් උනත් නාන්න ගියේ ආයේ පොඩි හාමුට උයන්න කියලා දෙන්න දෙයක් නැ කියලා තෙරෙද්දී. නාගෙන කාමරේට නොයා තුවායක් ඉන වටෙ ගැට ගහගෙනම කුස්සියට ආවේ අර යක්‍ෂ පැටියා කුස්සිය ගිනි තියලද බලන්න. ඇස් දෙකට දැකලත් රනාට තාම විශ්වාස නැ මස් හට්ටියක් තනියම ඉවුවා කිව්වට.

"රනා මේ තේ එක..."

තේ එකකුත් එක්ක රනාගේ පැත්තටත් හැරුණු දේව් ට කෙල ගුලියක් ගිලුනෙ තාමත් වතුර බින්දු රැදුණු රානා ගෙ ගත දැක්කාම.දේව් ගෙ ඇග ලාමක හැඩ උනාට රනාගේ ඇග දකින ඕනේ මිනිහෙකුට පෙනුනේ ඊට වඩා හැඩට.කැරලි ගැසුණු කළු කෙස් වලටම කළු ඇහි බැමි එකට යා වෙච්ච කළු පාට ඇස් දෙක දිස්න ගැහුවේ දේව්ට හරි හැටි හැගීමක් ඒ ඇස් වලින් නොපෙනෙද්දී. තනි කෙලින් පිහිටා තිබු දිගු නාසය එක්කලා ලා රතු පාට දෙතොල් මත තාමත් වතුර බින්දු රැදිලා තිබ්බේ හැගීමක් නැති ඒ ඇස් අස්සේ දේව් අතරමන් වෙද්දී.

රනා.. (Completed )Where stories live. Discover now