විසිපස්වන කොටස

169 38 14
                                    

"දේව් මෙහෙ වරෙන්.."

"......."

"දේව්...!"

"ඇයි කැ ගහන්නේ.."

"බලපන් මේවා බල්ලෙකුටවත් කන්න පුළුවන් ද.."

දේව් අඩි දෙකක් පස්සට විසික්‌ උනේ රනා අතේ තිබ්බ මැටි මුඩිය පොළොවේ ගහද්දි.

"මාත් මැරිලා මැරිලා යකෝ ආවේ මාත් එක්ක තියෙන තරහා බත් පතෙන් යවන්න උබට කළ හතුරුකම මොකක්ද මං.."

"මං මොනාද කරේ.."

"මොන ජරාවක් ද මේ හදලා තියෙන්නේ බලපන් මේවා බල්ලෙකුටවත් කන්න බැ ලුණු පොල්කට්ටම උබ ඒකට හැලුවද.."
.

.

"මොකද පුතේ මේ කැ ගහන්නේ.."

"මොකුත් නැ.."

"මොකද මේ බත් පත පොළොවේ ගහලා.."

"මයේ අම්මා දැන් රෑ බෝ වෙන්න කලියෙන් ගෙදර ගියොත් නරකද.."

"උබට කන්න දෙන්නේවත් නැද්ද රනා මු.. පොත්තේ පාට විතරයි බලපන් අර කෙලි වාසනාවක්.. උබ පයින් ගැහුවේ වාසනාවට..ඉන්ටකෝ මයේ පුතාට මං අද රෑට කන්ට හදලා දෙන්නන්.."

"ඔන්නෑ අම්මා උබ දැන් ගෙදර පලයං මං ඒක බලා ගන්නන් උබ වද වෙන්න ඕනේ නැ.."

වෙද හාමිනේගේ තියුණු බැල්ම දේව් දිහාට වැටුනේ ඒත් එක්කම ඇය යන්න යද්දී.

.

.

"උබ මොනාද දේව් කෑවේ.."

"......"

"මොනාද දවල් ට කෑවේ.."

"මේවා.. අ.. නෙහ් මන් කද්දී හොදට තිබ්බ නෙ රනා.."

දේව් ගෙ ඉකි බිදිල්ල වැඩි උනේ රනාගේ තරහා නිවෙද්දී.

"අඩන්නේපා ඉතින් කො අයින් වෙයං ඔතනින්.."

"......"

"ම්ම් ඔහොම ඉදගන්න මං මේ ටික අස් කරන්නන්.."

.

.

.

"රනා.."

"......"

"ඇයි කතා කරන්නේ නැත්තේ.."

"දවාලේ මොකද කරේ.. "

"නිදා ගත්තා.."

"අම්මා ආවේ.."

"උදේ .."

රනා.. (Completed )Where stories live. Discover now