දහඅටවන කොටස

158 50 37
                                    

(කුම්මැහි වෙන්න එපා යකුනේ නිකන් තියෙන තරුව පොඩ්ඩක් ඔබලා යන්න..)

"අඩන්න එපා බං උබට අඩන්න හොද නැ.."

රනා එතැනින්ම අයින් උනේ වෙද මහත්තයා ඇවිත් දේව් ගෙ ඔලුව අත ගාද්දී.

"වලව්වේ උන් කියපු දේවල් හිතට ගන්න එපා පුතේ.. උබට වරදක් වෙන්නේ නැ එහෙම කරන්න මං ඉඩ  තියන්නෙත් නැ.."

වෙද මහත්තයා කාමරෙන් එලියට ගියේ අඩපු දේව් ට නින්ද යද්දී. රනත් ඒ පස්සෙන් එලියට ගියා.ඒ වෙද්දීත් තිබ්බ තරහටම වලව්වේ ඈයෝ එලි බැහැලා ගිහින් තිබ්බේ රනා සැනසුම් සුදුම හෙලද්දී.

"ගනින් පුතේ ඕකෙන් පොඩි එකාගේ වේලපත්කඩේ.."

"ආ අප්පච්චි.."

ටික වෙලාවක් ඒ දිහා බලන් ඉදපු වෙද මහත්තයා ඔලුව දෙපැත්තට හෙල්ලුවේ රනා දිහා බලන ගමන්.

"එක වෙනස් වෙන්නෑ රනා.."

"අප්පච්චි එතකොට.."

"කුලුදුලේම ඉන්න පලවෙනි පැටියා හේදිලා ගියොත්..."

"අප්පච්චි දේව්.."

"පැටියා ගැන වැඩි බලාපොරොත්තු දෙන්ට එපා රනා නොපෙන්නුවාට අම්මෙක්ට බඩේ ඉදලම තමන්ගේ දරුවෝ මහමෙරක්.."

"අප්පච්චි මං මොකද කරන්නෙ.."

"දෙයියෝ බුදුන්ගෙන් ඉල්ලනවා ඇරෙන්න මොනා කරන්නද බං කරපු විනේ කොහොම අයින් කරන්නද.."

"අප්පච්චි ඒවා කපන්න විදිහක්‌.."

"පුතේ අපි දන්නේ නැ නෙ මොන වගේ හෙනයක් ද කියන්ට ඉවසීමෙන් බලන් ඉමූ රනා වෙන මොනා කරන්නද.."

.
.
.

සති තුනකට පසු..

"රනාහ්.."

දේව් නැගිට්ටෙ කෑ ගහගෙන  දාඩිය දාන්.

"ඇයි දේව් මොනාද ඕනේ.."

"මට නින්ද යන්නෑ රනා එක එක හීන පේනවා.."

"මොනාද පෙන්නේ. මේ බලපන්කො දේව් මුණ තෙහෙට්ටු පාටයි .."

"පොඩි ළමයවක් ව අනේ මට බයයි රනා.."

"බය නැතුව ඉදින් මැණිකේ මේ බඩෙත් දැන් මාස එක හමාරකට කිට්ටු වෙන පැටියෙක් ඉන්න හන්දා උබට ඕවා පේනවා ඇත්තේ.."

රනා.. (Completed )Where stories live. Discover now