"රනා..."
"ගමන ඉක්මන් කරපන් පොඩි හාමු.. එහා ගමට යන්ටත් තියෙනවා.."
"රනා ඉතින්.."
රනා පොඩි හාමුට කතා කරන්නම නොදුන්නේ අහන ඒවාට දෙන්ට උත්තර නැති නිසාමයි.
"අදයි හෙටයි අදුර වැටුනම වලව්වෙන් එලි බහිනවා එහෙම නෙවෙයි.." " තේරුනාද..."
"ඇයි රනා.."
"උබට ඒ පැහිච්ච කම් වලින් වැඩක් යැ.. කිව්ව දෙ කරපන් පොඩි හාමු.."
" මේ රනා...මන් වලව්වේ පොඩි හාමු.. මට සැර දාන්න ආවොත් ගහන්නේ දඩු කදෙ.. "
එහෙම කියන ගමන් පොඩි හාමු වලව්වට ගියේ රනා ආපිට කැලෙ පාරෙන් වෙද ගෙදරට දුවද්දී.. "උබට පුළුවන් ද හාමු මං එක්ක හැරෙන්ට..එහෙනම් බණ්ඩාර ලොකු හාමු සෙල්ලම පටන් ගත්තා.."රනා එහෙම හිතුවේ ඒ මූණට භයානක හිනාවක් එද්දී..
රනා අඩුම කුඩුම ලැහැත්ති කරන් සුදානම් උනේ එහා ගමේ මලපෙරේත දිෂ්ටියක් අයින් කරන්න යන්න. ඒ උනත් වෙද ගෙදර දිහාවට එන වලව්වේ කාර් එක නිසා රනා නතර උනේ සේන වෙදමහත්තයත් ගේ දොරකඩ ඉදන් ඒ දිහාව බලන් ඉද්දි.
"මොකෑ මයේ පුතේ මේ අවේලාවේ.."
"නිච්චියක් නැ අප්පච්චි.."
වාහනේ ඇවිත් වෙද ගෙදර මිදුලටම දැම්මේ වාහනෙ ඉස්සරහා දොරෙන් බණ්ඩාර හාමු එක්ක ලොකු මැණිකේ බහිද්දී.. බණ්ඩාර හාමු පිටිපස්සේ දොර ඇරලා පොඩි හාමුව එලියට ගත්තේ ඒ කකුලෙන් ලෙ බේරෙනවා රනාට පෙනෙද්දී. අරන් යන අඩුම කුඩුම තිබ්බ මල්ල අත ඇරපු රනා දුවගෙන ගිහින් පොඩි හාමුව අත් දෙකට ගත්තේ ඒ ඇස් වල කදුළු කැට කැට වැටෙනවා පෙනෙද්දී..
"මොකේටද ලොකු හාමු මේ බරු ගැහිලා තියෙන්නේ.. "
" උඩ බලාන ගිහින් කැත්ත උඩ කකුල තියලනේ රනා.. "
"අප්පච්චි..."
"අද එහා ගමට යන්ට වෙන්නේ නැ නව රනා.. "
"ඇප නුලක් දාලා තියෙන හන්දා යන්ට එපැයි අප්පච්චි.."
කකුලට බෙහෙත් ගාලා පතියකින් ඔතාපු රනා හැදුවේ බූරු ඇද ලගින් නැගිටලා යන්න.සිනිදු අත් දෙකකට ඒ ගොරොසු අතක් මැදි උනා..