මන් ඒ කටහඩ ආපු පැත්තට හැරෙනවත් එක්කම මන් දැක්කේ මගේ එහා පැත්තේ ඇස් දෙකත් පියාගෙන ඔලුවත් ටිකක් උස්සන් එලියේ සීතල හිරිකඩ විදින ගමන් ඉන්න nesee ව. එයා ඒ විදියටම ඉදගෙන මට කතා කරන්න ගත්තා..
- Jenee.. සෑහෙන්න කාලෙකින් නේද මෙහෙම ඉන්නේ.." එයා ඓහෙම ඇහුවාම මාත් උත්තර දුන්නා.
හම්ම්.. ගොඩාක් කාලෙකින්... ඇයි එකපාරටම එහෙම ඇහුවේ.." මන් එයා දිහා බලන් අහනකොට එයා මට පොඩියට හිනා වෙලා කතා කරා.
- මට මෙහෙම ඉන්නකොට පුදුම සැහැල්ලුවක් දැනෙන්නේ බන්.. ඒක කියා ගන්න බෑ.. මන් මාරම ආසයි මේ විදියට ඉන්න.. ඔයා කැමති නැද්ද..." එයා අහපු ප්‍රශ්නෙට උත්තරයක් දෙන්න මට ටික වෙලාවක් ගියා.
ආසයි.. ගොඩාක්.. මන් ආසයි මෙහෙම වෙලාවට coffee එකක් බිබී.. අම්මා , තාත්තා එක්ක ඉන්න.. ඒත් ඒ හීනේ හැමදාමත් හීනයක් විතරයි.. මන් දැන් ඒක දනන්නවා..අම්මා තාත්තා එක්ක නම් ඉන්න වෙන එකක් නෑ.. ඒත් any untie එක්ක නම් ඉන්න පුලුවන් වෙයි.. ඒත් දැන් මට තියෙන හීනේ.. මට මේ ලෝකේ වැඩියෙන්ම ආදරේ කරන කොල්ලා එක්ක මෙතන වාඩි වෙලා coffee එකක් බිබී.. එයාගේ තුරුලට වෙලා.. ඒ උනුහුමට තුරුල්වෙලා ඉන්න." මන් ලොකු හුස්මක් පිට කරන ගමන් ඒක කියලා දැම්මා. ඒක ඒවෙලාවේ හැටියට මට කාට හරිම කියන්න ඕනේ වුනා.. මන් ඒක nesee ට කිව්වාම මට සැහැල්ලුවක් දැනුනා.
- හම්.. ඒකනම් මගෙත් හීනනයක් තමයි බන්.. ඒත් අපි මොනා කරන්නද.. තාම කොල්ලෙක් තියා කොලු පුලුටක්වත් පේනතෙක් මානෙක නෑ.. එහෙම එකේ කොහොමද බන් අපි කොල්ලෙක් එක්ක මෙහෙම ඉන්නේ.." එයා එහෙම කියලා මගේ පැත්තට හැරුනා.
ඒකනම් අමූලික ඇත්ත බන්.. ඒත් ඉතින් හැමදාම අපි මෙහෙම ඉන්නේ නෑනේ.. කවදහරි කොල්ලෙක් හම්බවෙයි. හැබැයි මන් දන්නවා ඒකව මට හම්බුනාම මන් ඒකව ඉතුරු කරන එකක් නෑ බන්.." ඒක කියලා අපි දෙන්නම හිනා වුනා.
- උබට හම්බෙන කොල්ලටනම් අබ සරණයි.. ඒ කොල්ලව මන් බාරගන්නවා.. මොකද උබලග හිටියොත් ඌට ඊලග දවසේ උදේ ඉර පායනවා බලන්න වෙන්නේ නෑනේ..
ඔව් ඉතින්.. ඒක ඇත්තනේ බන්.... එලි වෙනකන් නිදා ගත්තම ඌ කොහොමද බන් ඉර පායනවා දකින්නේ.." ඒකටන් අපි දෙන්නම බඩවල් අලින් හිනා වුනා.
YOU ARE READING
Murder King ( On Hold )
Fanfiction'ආදරය' ඒක මොන වගේද ඇහුවොත් එක එක අය එක එක විදියට උත්තර දෙයි එහෙම නේද. ඔව් කෙනාගෙන් කෙනාට ආදයේ අරුත වෙනස් වෙනවා නේද. මාෆියා ජීව්තේ කරගත්ත mafia gang එකක members ලා ටිකකට ආදරයක් ඇති වුනොත් එයාලා කොහොම අාදරේ විස්තර කරයිද, එයාලා කොහොම අාදරේට වටිනාකම...