Chapter 01

3.6K 519 13
                                    

"ටේ මේ අහන්න් ඔයා හිතන දෙයක් එතන වුනේ නෑ"

ජුන්ගේ කාමරේ දොර ඇරගෙන යනකොට දැක්ක දෙයින් මගේ කකුල් පණ නැති වුනා... මගේ උගුර වේලෙනවා මට දැනුනා... මට හුස්ම ගන්න අමතක වුනා...

ජුන් මගේ පස්සෙන් දුවගෙන ආවත් මම නවතින්නේ නැතුවම ජුන්ගේ ගෙදරින් එලියට දුවගෙන ආවා... මගේ ඇස් වලින් කදුලු වැටුනත් මම හයියෙන් ඇඩුවත් මම පාර දිගේ දුවගෙන ගියා...

එයා එයා මොකද්ද ඒ කරේ... ජුන් මම ආදරේ කරපු කෙනා මගේ හොදම යාලුවත් එක්ක එක ඇදේ... දෙයියනේ මට ඒක මතක් කරන්න ඕන නෑ...

ඇයි ජුන් මට එහෙම කරේ... මම් කිව්වා මම යන්නේ බොරු ආදරයක් පස්සේ කියලා... එදා මම්ව  මට පෙනුනේ හතුරෙක් වගේ...

'මම් අයි ඈම් සොරි රියලි සොරි මම්'

'අයි මිස් යූ අ ලොට් මම්'

'අයි ලව් යූ අ ලොට් මම්'

පාරෙම ඉදගෙන හයියෙන් ඇඩුවා... කෑගහලා ඇඩුවා...

අඩලා අඩලා ගෙදර ඇවිත් මම ආයෙම ඇඩුවා... එලි වෙනකන් ඇඩුවා... මම්ව ඕනම වෙලාවේ මම් මගේ ලග නෑ... මම් මාව දාලා ගියා... ගොඩක් ඈතකට ගියා...

'මම් ඔයා මාව දාලා ගියාම මම ගොඩක් දුක් වුනා ගොඩක් ඇඩුවා, ඒත් ඒත් මට ජුන් හිටියා එයා මාව සැනසුවා, ඔයා නැති අඩුව දැනෙන්න දෙන්නේ නෑ කිව්වා මම්, ඒත් එයා මගේ යාලුවා එක්කම කොහොමද එහෙම' ටේ කෑගහලා ඇඩුවා...

මම වෙනස් වෙන්න ඕන... ඔව් මම වෙනස් වෙන්න ඕන... ආදරේ කියලා දෙයක් නෑ... ඒක බොරුවක්... පිරිමි ඔක්කොම එකයි... මම වෙනස් වෙනවා... මම ආයේ කාටවත් ආදරේ කරන්නේ නෑ...



Bella 🥀

innocent seduce ||vkook||Where stories live. Discover now