"මෙච්චර දෙයක් වෙනකන් සෙකුයුරිටි එක නිදාගෙනද හිටියේ!!!"
"එක්කන් එනවා ඊයේ හිටපු ගාඩ්ලව!!!"
"මේක කරේ කවුද කියලා හොයාගන්නකන් එක්කෙනෙක්ට වත් යන්න බෑ!!!"
"කාටද මේ තරම් හයියක් තියෙන්නේ!!!"
"හොයනවා ඉක්මන් කරනවා!!!!" ජන්කුක් ඔෆිස් එකම දෙදරන්න කෑගහන ගමන් කෝට් එක ගලවලා ඔෆිස් එකේ කොනටම විසි කරා... ටයි එක බුරුල් කරලා ශර්ට් එකේ උඩම බොත්තම් දෙක ගලවලා මීටින් රූම් එකේ එහාට මෙහාට ඇවිද්දේ පිස්සෙක් වගේ...
"ජන්කුක් කෑගහලා ප්‍රශ්න විසදන්න බෑ, අපි හොයාගන්නම් ඔයා මෙතනින් ඉදගන්න" හෙඩ් සීට් එක පෙන්නලා යුන්ගි කිව්වම ජන්කුක් යුන්ගි ලගට ඇවිදගෙන ගියේ විදුලි වේගෙන්...
"විහිලු කරනවද යුන්ගි, මට ඉදගන්න කියලද කියන්නේ උන් එන්ටර් වුනේ මගේ ප්‍රයිවට් ලොකර් එකට, ඒකත් ඔෆිස් එකේම cctv ඕෆ් කරලා, මොකාද මේ වැඩකාරයා!!!!" ජන්කුක් දිගින් දිගටම කෑගහන දිහා ටේහ්‍යොන්ග් බලන් හිටියේ ගොඩක් බයවෙලා... ජන්කුක් මේ වගේ හැසිරෙනවා ටේහ්‍යොන්ග් දැක්ක පලවෙනි වතාව... ජන්කුක් මේ වගේ හැසිරෙන්නෙත් මේ පලවෙනි වතාවට...
බෝඩ් මීටින් එකේ හිටිය හැමෝම ඔලුව නවාගෙන හිටියේ ජන්කුක් ගැන දන්න නිසාමයි... මේ තරම් දෙයක් වෙනකන් කවුරුත් නොදැන ඉන්න එක නම් පුදුමයක්...
"මොකාද මොකාද කියනවා මට විරුද්ධ වුනේ, මේක ඇතුලෙ එකෙක්ගේ උදව් නැතුව cctv ඕෆ් කරන්න බෑ, යුන්ගි මට ඉක්මනට ඌව හොයලා ඕන"
"ජන්කුක් අපි මේ කරන්නේ හොයන එක තමයි, ඔයා කලබල කරන එක නවත්තන්න"
යුන්ගි එහෙම කිව්වම ජන්කුක් ලගම තිබ්බ පුටුවක් විසිකරේ බිත්තියේ වැදිලා පුටුව කැඩෙන්නම... ඒ පාරට ගැස්සුන ටේහ්‍යොන්ග්ගේ ඇස් කදුලු වලින් පිරුනා... ජන්කුක්ගේ මූණ බලන්න බැරි තරම් බය හිතෙනවා... ගිනි පිටවෙන ඇස් වලින් ජන්කුක් දොර දිහාම බලන් හිටියේ ගාඩ් එනකන්... දොර ඇරගෙන අවා එනකොට ජන්කුක් කෙලින් වෙලා හිටගත්තා...
"තමුසේ ඊයේ රෑ මොකද කරේ"
"ස... සර් මම මේන් ගේට් එකේ හිටියේ, හැමතැනම cctv තියෙන නිසා මගේ ජොබ් එක මේන් ගේට් එකේ ඉන්න එක" බිම බලාගෙනම ගාඩ් ජන්කුක්ට පැහැදිලි කරා...
YOU ARE READING
innocent seduce ||vkook||
Fanfictionකිම් ටේහ්‍යොන්ග් අවුරුදු 20ක ලස්සන තරුණයෙක්.. ඔහුගේ පලවෙනි ප්‍රේමය බිද වැටීමත් සමග සම්පූර්ණ වෙනස් වන ටේහ්‍යොන්ග් ඔහුට ඕන සෑම දෙයක්ම ලබාගැනීමට පෙලඹෙනවා... සමහර අවස්තා වල එය පවක් බව දැන් දැනමත් ඔහු ඒ දේ ලබාගන්නවා... ජන්කුක්, ටේහ්‍යොන්ග් දෙන්නම දන්නවා...