Chapter 28

2K 407 157
                                    

නිව් යෝර්ක් වල ඉදන් ආව ජන්කුක් ගෙදරට ඇවිත් කෙලින්ම ගියේ මිනි බාර් එකට... ඒක මිනි බාර් එකක් කිව්වට ලෝකේ තියෙන හොදම ඇල්කොහොල් ඒ බාර් එක ඇතුලේ තිබ්බා... විස්කි බෝතල් තුනක් ගත්ත ජන්කුක් අයිස් එක්ක අරන් ඇවිත් කවුන්ටර් එකෙන් තියලා වාඩිවුනා... බෝතලය කඩලා හිමින් බොන්න පටන් ගත්ත ජන්කුක් අන්‍තිම ටිකට යනකොට වතුර බොනවා වගේ වීදුරවට පුරවගෙන බොන්න ගත්තා... දෙවෙනි බෝතලෙත් බාගයක් ඉවර කරපු ජන්කුක් අඩන්න පටන් ගත්තා...

"ඇයි ඇයි එහෙම කරේ මයි ලව් මම ආදරේ කරා මහා ගොඩක් උබට ආදරේ කරා ලව්, කාටවත් නැති තරම් ආදරේ කරා,
සමහරවිට මගේ මම්ට, ඩෑඩ්ට වඩා අදරෙයි ඔව් ඊටත් වඩා ගොඩක් ආදරෙයි, ඔයා දන්නවද මයි ලව් ඔයා තමයි මගේ පලවෙනි ආදරේ, ඔව් අනිවාරෙන් ඒ ඔයා, කොච්චර ගර්ල්ස්ලා ඩේටින් කරත්, මැරි කරලා හිටියත් මම ආදරේ කරේ නෑ කාටවත්ම අනිවාරෙන් මගේ එකම ආදරේ ඔයා, අනිවාරෙන් ඔයා ඔව් ඔයාමයි අනිවාරෙන් ඔයා, අනිවාරෙන් ඔයා" ජන්කුක් කෑගහලා අඩන්න පටන් ගත්තා... කවුන්ටර් එකට ටිකක් වෙලා ඔලුව තියන් හිටිය ජන්කුක් ආයේ ඔලුව උස්සලා බෝතලේ ඉතුරු බාගෙත් හිමින් ඉවර කරා...

"මට බොරු කරන්න ආවා නම් ඇයි මට ආදරෙයි කිව්වේ, ඇයි මාව ඔයාට ඇට්‍රෑක්ට් කර ගත්තේ, ඇයි ඔය ලස්සන හිනාව මට පේන්න දුන්නේ, ඇයි ඔය ලස්සන ඇස් වල මාව අතරමං කරේ ඇයි, ඇයි, ඇයි මයි ලව් ඇයි, ඇයි ඔය රෝස පාට සිනිදු කම්මුල් මට අල්ලන්න දුන්නේ" ජන්කුක්ගේ ඇඩිල්ල එන්න එන්නම වැඩි වෙනකොට ජන්කුක් නැගිටින්නවත් බැරි තරමට වෙරි වෙලයි හිටියේ... තුන්වෙනි බෝතලෙත් කඩලා වීදුරුවට දාගත්ත ජන්කුක් ඒ වීදුරුව දිහා බැලුවා... ඒකෙන් පේන ඡායාව නිසා කෑගහලා අඩන්න ගත්ත ජන්කුක් වීදුරුව කිස් කරන්න ගත්තා... ටේහ්‍යොන්ග්ගේ උණුසුම, ඒ පපුවෙන් දැනෙන අමුතු උණුසුම ජන්කුක්ට දැන් ඕන වුනා... ටේහ්‍යොන්ග් බොරු කරා කියලා මතක් වෙනකොට හිත රිදෙන්න ගත්තා... ටිකකින් වීදුරුව පොළොවේ ගැහුව ජන්කුක් නැගිටින්න හදනකොට බිම ඇදගෙන වැටුනා...

ජන්කුක්ව ගොඩ වෙලාවක ඉදන් බලාපොරොත්තුවෙන් හිටිය අමේරා බලන් ඉදලා බැරිම තැන ඇදෙන් බැහැලා ඇවිත් බැල්කනි එකට ආවා... ගාඩන් එකේ කොනේම තියෙන මිනි බාර් එකේ ලයිට්ස් ඔන් කරලා තියෙන නිසා ජන්කුක් ඇවිත් කියලා හිතට අමුතු සතුටක් දැනෙනකොට අමේරා ඉක්මනට පහලට ඇවිත් බාර් එකට ආවා... මගක් දුර එනකොටම ඇහුන වීදුරුවක් බිදෙන සද්දේ නිසා අමේරා දුවගෙන ගියා...

innocent seduce ||vkook||Where stories live. Discover now