Chapter 29

2.3K 420 159
                                    

කාර් එක ඇතුලේ ඉන්න ටේහ්‍යොන්ග්ව දැක්ක ජන්කුක් පිස්සෙක් වගේ කෑගහන්න පටන් ගත්තා... ටේහ්‍යොන්ග් ඉන්න පැත්තට ආව ජන්කුක් ඒ පැත්තේ දොර අරින්න කොච්චර උත්සහා කරත් ජන්කුක් හොදටම කලබල වෙලා හිටිය නිසා කිසිම දෙයක් කරගන්න බැරිවුනා... එතනම බිම ඉදගෙන හයියෙන් ශටර් එකට ගහන ගමන් ජන්කුක් කෑගැහුවා... ඩ්‍රයිවර් ජන්කුක්ව නවත්තන්න උත්සහා කරත් ජන්කුක් පිස්සෙක් වගේ හැසිරෙන්න ගත්තා...

ඇම්බියුලන්ස් එක ආවට පාස්සේ ටිකක් සන්සුන් වුන ජන්කුක් ආව අයට ටේහ්‍යොන්ග්ව එලියට ගන්න දීලා පැත්තකට වුනා... ටේහ්‍යොන්ග්ව එලියට අරගෙන ඇම්බියුලන්ස් එකට අරන් ගියාම ඒ පස්සෙන්ම ගිය ජන්කුක් වාහනේට නැග්ගා...

"ඔයාට මුකුත් වෙන්නෑ මයි ලව්, මේ මම ඔයා ලගම ඉන්නවා, ප්ලීස් ටිකක් ඉවසන්න" ටේහ්‍යොන්ග්ගේ අත අල්ලගෙන ජන්කුක් කිය්වන්න ගත්තම නර්ස් කිසි දෙයක් තේරුම් ගන්න බැරුව ජන්කුක් දිහා බලන් හිටියා... ටේහ්‍යොන්ග්ට සිහිය තිබ්බේ නෑ...

ටේහ්‍යොන්ග්ව තියටර් එකට ගත්තම ජන්කුක් දොර ලග එහාට මෙහාට ඇවිදින්න පටන් ගත්තා... නර්ස්ලා, ඩොක්ටර්ස්ලා එලියට ඇතුලට යන්න එන්න ගත්තම ඇක්සිඩන්ට් එක බරපතල ඇති කියලා ජන්කුක් හිතුවා... ඉවරයක් නැතුව ඇස් දෙකෙන් කදුලු එනකොට ජන්කුක් එතනම පුටුවට වාඩිවුනා...

ආයේ නැගිටලා දොර ලගට ගිය ජන්කුක් වීදුරුවෙන් පේන ටේහ්‍යොන්ග් දිහා බලන් හිටියා... ටේහ්‍යොන්ග්ගේ වටේම මැශින් ගොඩක් තිබ්බා... ටේහ්‍යොන්ග්ගේ වටේම නර්ස්ලා, ඩොක්ටර්ස්ලා ගොඩක් හිටියා... ජන්කුක් අතේ ඇගිලි එකට එක තද කරන ගමන් නොසන්සුන් විදියට ඒ දිහා බලන් හිටියා...

"ජන්කුක්" පිටිපස්සෙන් ඇහුන කටහඩට හැරිලා බැලුව ජන්කුක් අතමිටි මොලවගෙනම ශිහක් ලගට ගියා... ශිහක්ගේ කොලර් එකෙන් අල්ලගත්ත ජන්කුක් ශිහක්ව බිත්‍තියට තියලා තද කරා...

"මොකද්ද මේ කරේ. මිනිහෝ, මාව මරන්නද ඕන වුනේ එහෙනම් එහෙනම් කෙලින්ම මගේ ඉස්සරහට ගන් එකක් අරන් එන්න තිබුනා, පේනවද දැන් වුන වැඩේ, පේනවද ඒ උබේ දරුවා නේද??" ජන්කුක් ශිහක්ගේ කොලර් එකෙන් තද කරගෙනම ජන්කුක් කෑගහන්න ගත්තම ශිහක් එහෙමම හිටියා... ඔක්කොම වුනේ තමන්ගේ වැරදි නිසා කියලා ශිහක් දන්නවා... ඒත් ඒ ප්ලෑන් එක ටේහ්‍යොන්ග් දැන ගත්තේ කොහොමද කියලා ප්‍රශ්නයක් වුනා...

innocent seduce ||vkook||Where stories live. Discover now