'ම්ම්ම්ම් මොකද්ද අදින්නේ'
'දැනටමත් මම ගොඩක් පරක්කුයි'
'මම ඇයි මෙච්චර දවස් ගත්තේ'
'ඔහ්හ්හ් කිම් ටේහ්යොන්ග් තමුන්ට මාසයක් ගියත් ඇයි තාම ජොන් ජන්කුක්ගේ අතින්වත් අල්ල ගන්න බැරි වුනේ'
'Idiot'
'දැන් නම් කාලේ ගත්තා ඇති කුක්ගෙත් ලොකු අකමැත්තක් පේන්න නෑ'
'1st step එක අදම ගන්න ඕන'
'Ohhhhh Shit'
ටේහ්යොන්ග් තනියම කියවන ගමන් ලෑස්ති වුනේ ඔෆිස් යන්න... ඊයේ මුලු රෑම ජන්කුක් ටේහ්යොන්ග් නින්ද නැති කරා... මුලු රෑම ටේහ්යොන්ග් කල්පනා කරේ ජන්කුක් ගැන...
කලුපට බොටම් පෑන්ට් එකකුයි, කලු පාට ශර්ට් එකකුයි, ඒකට ගැලපෙන්න අලු පාට ජැකට් එකක් දාලා හිටිය ටේහ්යොන්ග්ගේ තිබ්බේ අමුතුම ලුක් එකක්... ටේහ්යොන්ග් කොහොම ඇන්දත් ලස්සනයි... ඒත් ඔෆිස් යන වෙලාවට තමන්ගේ පෙනුම ගැන ටේහ්යොන්ග් ඕනවට වඩා හිතුවා... පොඩියට මේකප් එකක් දාගත්ත ටේහ්යොන්ග් ඇස් යට තිබ්බ කලු ගතිය වැහෙන්න එතනට මේකප් ටිකක් වැඩිපුර දැම්මා... මොකද ජොන් ජන්කුක් ටේහ්යොන්ග්ගේ නින්ද නැති කරලා... ඉතින් ටේහ්යොන්ග්ගේ ඇස් යට ටිකක් විතර කලුවෙලා තිබ්බා... වෙන කවරදාකටත් වඩා ටේහ්යොන්ග් දැන් තමන්ගේ පෙනුම ගැන වදවෙන්න පටන් අරන්...
"පර්ෆෙක්ට්"
"අයි ඈම් කමින් මයි මෑන්"
ශර්ට් එකේ බොත්තම් දෙකක් ඇරලා එක උරහිසක් නිරාවරණය වෙන්න දුන්න ටේහ්යොන්ග් රූම් එකෙන් එලියට ගියා... පහල කවුරුත් හිටියේ නැති නිසා ඔෆිස් එකෙන් බ්රෙක්ෆස්ට් ගන්න හිතාගෙන ටේහ්යොන්ග් කෙලින්ම වින්සන් හොයාගෙන ගියා...
ඔෆිස් එකට ආව ටේහ්යොන්ග් හම්බවෙන හැම කෙනෙක්ටම ගුඩ් මෝනින් කියන ගමන් තමන්ගේ රූම් එකට ගිහින් බඩු ටික තියලා ගියේ ජන්කුක්ගේ කොෆි එක හදන්න... කොෆි එක හදලා ඉවර වෙලා කිචන් එකේ වින්ඩෝ එකකින් ආයෙම තමන්ගේ රූපේ දිහා බලලා ටේහ්යොන්ග් තමන්ටම කිස් එක්ක දුන්නා... කොෆි එකත් අරගෙන ගිහින් ජන්කුක්ගේ ඔෆිස් රූම් එකේ දොරට තට්ටු කරා...
YOU ARE READING
innocent seduce ||vkook||
Fanfictionකිම් ටේහ්යොන්ග් අවුරුදු 20ක ලස්සන තරුණයෙක්.. ඔහුගේ පලවෙනි ප්රේමය බිද වැටීමත් සමග සම්පූර්ණ වෙනස් වන ටේහ්යොන්ග් ඔහුට ඕන සෑම දෙයක්ම ලබාගැනීමට පෙලඹෙනවා... සමහර අවස්තා වල එය පවක් බව දැන් දැනමත් ඔහු ඒ දේ ලබාගන්නවා... ජන්කුක්, ටේහ්යොන්ග් දෙන්නම දන්නවා...