Chapter 23

2.3K 401 97
                                    

.This chapter is really dirty  guys.

සතියක් සාමාන්‍ය විදියට ගෙවිලා ගියේ ටේහ්‍යොන්ග්ව වෙනස් කරමින්... වෙනදා මූණේ තිබුන හිනාව නැතිවෙලා වෙනස්ම ටේහ්‍යොන්ග් කෙනෙක් දැන් ඉන්නේ... ජන්කුක්ට ඒක තේරුනත් ඒක ගැන හොයන්න වෙලාවක් නැති වුනේ දවස් තුනක්ම බෙල්ජියම් වල බිසි වුන නිසා... ඒත් අද ජන්කුක් ආයේ ඇමෙරිකා එනවා...

ඔෆිස් රූම් එකෙන් එලියට ආව ටේහ්‍යොන්ග් කිචන් එකට ගියේ ජන්කුක්ගේ කොෆී එක හදන්න... යනකොට ඊවී රිසෙප්ශන් එකේ කට්ටියක් එක්ක වටවෙලා කතා කර කර හිටිය නිසා ඒ හැමෝටම වෙනදා වගේ නැතුව පොඩි හිනාවක් දීලා ටේහ්‍යොන්ග් එතනින් හිමින් ඇවිදගෙන ගියා...

"ඊයේ තමයි වෙලා තියෙන්නේ"

"බොඩි එක බලන්නවත් බෑලූ ඔක්කොම කාර් එක එක්කම ගිනි අරගෙන"

"ඒක ඇක්සිඩන්ට් එකක්ම කියන්නත් බෑ"

"එහෙම කියන්න බැරි ඇයි එතන කොච්‍චර ඇක්සිඩන්ට් වෙලා තියෙනවද"

"ඒත් මට ඔය ඇන්ඩර්සන් මිනිහව පේන්න බෑ මාත් එකත් නරක විදියට හැසිරෙන්නේ ආවා"

එක එක්කෙනාගේ කටහඩ අතරේ ඇන්ඩර්සන්ගේ නම ඇහුනම ටේහ්‍යොන්ග්ව එතනම ගල්වුනා... හයියෙන් ඇස් පිල්ලම් ගැහුව ටේහ්‍යොන්ග් ක්ශනිකව හැරිලා රිසෙප්ශන් එක ලගට ගියා...

"ඊවී" ටේහ්‍යොන්ග් හිමින් කතා කරාම ඊවී වටේ වටවෙලා හිටිය අය එහාට මෙහාට වුනා...

"ඔව් ටේහ්‍යොන්ග් කියන්න"

"මොකද්ද වෙලා තියෙන්නේ, මොනා ගැනද ඔයාලා කතා වෙන්නේ" තොල් දෙක තද කරගන්න ගමන් ටේහ්‍යොන්ග් අතේ ඇගිලි එකට ගුලි කරගත්තා...

"ආ ඒක මේ අර හිටපු මැනේජර් ඇන්ඩර්සන් එයා ගැන"

"එයා ගැන මොකද්ද"

"එයා ඊයේ රෑ ඇක්සිඩන්ට් එකකින් නැතිවෙලා" ඊවී කිව්වම ටේහ්‍යොන්ග්ගේ ඇස් ලොකු වුනා...

"මො... මොකක්"

"ඔව් ඇයි ටේහ්‍යොන්ග් මොකද වුනේ"

"අහ්හ්හ් නෑ නෑ මම යනවා සර්ගේ කොෆී එක හදන්න"

"ඕකේ ටේහ්‍යොන්ග් සර් එන වෙලාව දැන්"

innocent seduce ||vkook||Where stories live. Discover now