Chapter 25

2K 377 63
                                    

"ජන්කුක් මගේ බෙල්ලෙන් අත අරින්න රිදෙනවා"

"බෑ කියන්න ඇයි එදා මාව බදින්න කැමති වුනේ"

"කී පාරක් කියන්නද ජන්කුක් ඔයාගේ ඩෑඩ් තමයි මට බල කරේ"

"ඔයා මට ආදරේ කරාද අමේරා"

"ඔව් හැමදාම ආදරේ කරා, ඔයයි මට කවදාවත් ආදරේ නොකරේ ජන්කුක්" ජන්කුක් අමේරගේ බෙල්ලෙන් අල්ලගෙන ඒ ඇස් දිහාම බලන් හිටියා... අමේරගේ මූණෙන් කියවෙන දේවල් තේරුම් ගන්න බැරි වුනත් ජන්කුක් දිගටම ඒ ඇස් දිහා බලන් හිටියා...

"අත අරින්න ජන්කුක් මේ ගෙදර නෙමෙයි, ඔයාට රණ්ඩු කරන්න ඕන නම් අපි ගෙදර යමු" ජන්කුක් බෙල්ලෙන් අල්ලන් ඉන්න අත අත් දෙකෙන්ම අල්ලගෙන අමේරා කිව්වම ජන්කුක් අමේරගේ බෙල්ල අත ඇරියා...

"මට දැන් හැමදේම ඇතිවෙලා අමේරා, මට කියන්න ඔයාට මාව ඕනද?? ඇයි මගේ ලගින් ඉන්නේ කියන්න මොනාද ඕන"

ජන්කුක්ගෙයි අමේරගෙයි අතර තියෙන සම්බන්දය තේරුම් ගන්න ජන්කුක්ට කවදාවත් බැරි වුනා... ඩෑඩ්ගේ කීමට අමේරව බැන්දත් පස්සේ ජන්කුක් අමේරට අකැමැති වුනේ නෑ... අමේරා ඇත්තටම ලස්සනයි... අමේරව දැක්ක දවසේ ජන්කුක්ගේ හිත හෙල්ලුනේ නෑ කිව්වොත් බොරුවක්... ඩෑඩ් පාර්ටි එකකදී අමේරව අදුන්වලා දීලා සතියකට පස්සේ අමේරව මැරි කරන්න ලෑස්ති වෙන්න කිව්වම ඒකට විරුද්ධ වෙන්න හේතුවක් ජන්කුක්ට තිබ්බේ නෑ... අමේරගේ අහිංසක ලස්සන නිසා, හැමතිස්සෙම හිනාවෙලා ඉන්න නිසා ජන්කුක් අමේරව මැරි කරා... මුලදී අමේරා ගොඩක් අහිංසක විදියට හිටියත් පස්සේ අමේරගේ හැසිරීම වෙනස් වුනේ ඇයි කියන්න ජන්කුක් දැන්න් හිටියේ නෑ... ඒත් ඒ දෙන්නා එකට හිටියා... අමේරා නිතරම ජන්කුක්ට ආදරෙයි කියලා වචනෙන් කිව්වත් ජන්කුක් කවදාවත් අමේරට ඒක කියලා නෑ... ඒකට හේතුවක් ජන්කුක් දන්නේ නෑ... ඒත් ජන්කුක් දන්නවා එහෙම කියන්න ජන්කුක් අමේරට ආදරේ නෑ කියලා...

නිතරම මේ වගේ කිසිම හේතුවක් නැති විදියට හින්ට් ගහගන්න එක, රණ්ඩු වෙන එක ජන්කුක් අමේරා අතර සිද්ද වුනා... ඒකට කිසිම හේතුවක් තිබ්බේ නෑ... අමේරට වෙන සම්බන්ධයක් ඇති කියලා හිතලා ජන්කුක් අමේරා ගැන හෙව්වත් එහෙම දෙයක් ජන්කුක්ට දැනගන්න ලැබුනෙත් නැති නිසා ජන්කුක් ඒ වැඩේ අත ඇරලා දැම්මා... ජන්කුක්ට වුනත් වෙන සම්බන්ධයක් පටන් ගන්න කිසිම වුවමනාවක් තිබ්බේ නෑ ටේහ්‍යොන්ග්ව මීට් වෙනකන්... ඒක වුනෙත් ටේහ්‍යොන්ග්ගේ වුවමනාවට... ටේහ්‍යොන්ග් තමයි ජන්කුක්ව සෙඩියුස් කරේ...

innocent seduce ||vkook||Where stories live. Discover now