මූණට වැටුන ඉර එලිය නිසා ටේහ්‍යොන්ග් ඇස් දෙක අතින් වහාගත්තා... හිමින් ඇහි පිල්ලම් ගහලා ඇස් ඇරලා බලපු ටේහ්‍යොන්ග් දැක්කේ තනිකරම කලු, අලු පාට වලින් ඩිසයින් කරලා තියෙන රූම් එකක්... ඒ රූම් එක ටිකක් ලොකු වුනත් හැමදේම පිලිවෙලට තියලා තිබ්බා... එක ඇහැක් ඇරලා රූම් එක පුරාම ඇස් යැව්ව ටේහ්‍යොන්ග් එකපාරටම නැගිටලා ඇදේ ඉදගත්තා...
ඇස් ලොකු කරගෙන ආයේ රූම් එක වටේම ඇස් අරන් ගිහින් ඇදෙන් නැගිටින්න හැදුවත් කොන්දෙන් දැනුන් වේදනාව නිසා එහෙමම හිටියා...
"මේ කොහෙද??" ඇස් දෙක පොඩි කරලා ටේහ්‍යොන්ග් ඇගට උඩින් තිබ්බ ඩුවට් එක අයින් කරා... තමන් ඉන්නේ සම්පූර්ණ නිරුවතින් කියලා දැක්කම ටේහ්‍යොන්ග්ගේ පපුව ගැහෙන්න ගත්තා...
"මේ කොහෙද ගෝඩ් මම ඊයේ හිටියේ කුක් එක්ක දැන් මේ කොහෙද ඉන්නේ?? මාව කිඩ්නැප් කරලද??"
කොච්චර අමාරු වුනත් ටේහ්‍යොන්ග් හිමින් ඇදෙන් නැගිට්ටා... හිමින් අඩි තියන ගමන් රූම් එකේ කොනේ තිබ්බ දොරවල් දෙකෙන් එකක් ඇරියා.. ඒක බාතෘම් එක නිසා ආයේ දොර වහලා අනිත් දොර ලගට ගියා... ඒක ඇරලා බැලුවම තිබ්බේ ක්ලෝසෙට් එක නිසා ඒක ඇතුලට ගිය ටේහ්‍යොන්ග් මුලම තිබ්බ කබඩ් එක ඇරලා බැලුවා... තනිකරම කලු පාට ටීශර්ට් ඒකේ පුරවලා තිබ්බා... එකක් අරන් ඇදගත්ත ටේහ්‍යොන්ග් බිත්තිය අල්ලගෙන දොර ලගට ගියා...
දොරේ ලොක් එක හිමින් කරකෙව්වේ කිසිම සද්දයක් ඇහෙන්නේ නැති විදියට ඔලුව විතරක් එලියට දාලා බැලුවම කවුරුත් හිටියේ නැති නිසා ටේහ්‍යොන්ග් හිමින් අඩි තියන ගමන් එලියට ආවා... කොරිඩෝ එක දිගේ ආවම ටේහ්‍යොන්ග් දැක්කේ ලොකු ලිවින් රූම් එකක්... එතනින් එහා දොර කිචන් එක වෙන්න ඕන කියලා හිතුව ටේහ්‍යොන්ග් ඒ පැත්තට ඇවිදගෙන ගියේ බිත්තිය අල්ලගෙන ඒ අතර හම්බවෙන බඩු වල උදව්වෙන්...
"අහ්හ්හ් ෆකින් ජන්කුක්" යන ගමන් කොන්ද අල්ලගෙන කෙදිරිගෑව ටේහ්‍යොන්ග් කිචන් එකට ඔලුව දාලා බැලුවා... කොෆී මැශින් එක ලග තමන්ට පිටුපාලා හිටගෙන ඉන්න ජන්කුක්ව දැක්කම ටේහ්‍යොන්ග්ට හිනාවක් ගියා...
YOU ARE READING
innocent seduce ||vkook||
Fanfictionකිම් ටේහ්‍යොන්ග් අවුරුදු 20ක ලස්සන තරුණයෙක්.. ඔහුගේ පලවෙනි ප්‍රේමය බිද වැටීමත් සමග සම්පූර්ණ වෙනස් වන ටේහ්‍යොන්ග් ඔහුට ඕන සෑම දෙයක්ම ලබාගැනීමට පෙලඹෙනවා... සමහර අවස්තා වල එය පවක් බව දැන් දැනමත් ඔහු ඒ දේ ලබාගන්නවා... ජන්කුක්, ටේහ්‍යොන්ග් දෙන්නම දන්නවා...