Chapter 26

2K 450 60
                                    

අමේරා ජන්කුක් ලග ඉදගෙන ඉන්න එකට පවා දැන් ටේහ්‍යොන්ග් අකමැති වුනා... වෙලාවෙන් වෙලාව ජන්කුක්ගේ කනට ලංවෙලා එක එක දේවල් කියන අමේරා දිහා ටේහ්‍යොන්ග් බලන් හිටියේ ඉරිසියාවෙන් පිරුන ඇස් වලින්... සමහර වෙලාවට අමේරා වුවමනාවෙන්ම වගේ තොල් ජන්කුක්ගේ කනේ වැදෙන විදියට කතා කරා... ඒක ටේහ්‍යොන්ග්ට එහෙම පෙනුනා... මේ වගේ කවදාවත් හැමෝම ඉස්සරහා තමන්ට ජන්කුක් ලග හැසිරෙන්න බෑ කියලා හිතෙනකොට ටේහ්‍යොන්ග්ගේ හිතට දුකක් දැනුනා...

ජන්කුක් ලෝකෙම දන්න බිස්නස්මන් කෙනෙක්, ඒ වගේම අමේරගේ හස්බන් ඒක කවදාවත් වෙනස් වෙන එකක් නෑ ටේහ්‍යොන්ග් හිතුවා... ජන්කුක් අයිති අමේරට... ඒත් ටේහ්‍යොන්ග් දන්නේ නෑ ජන්කුක්ගේ හිත අයිති ටේහ්‍යොන්ග්ට කියලා ඒක එහෙමයි කියලා ජන්කුක් තාම දන්නෙත් නෑ...

බෝඩ් මීටින් එකේ කතා වුන කිසිම දෙයක් ටේහ්‍යොන්ග් දැනගෙන හිටියේ නෑ... මුලු වෙලාව පුරාම ටේහ්‍යොන්ග්ගේ ඇස් තිබ්බේ ජන්කුක් ලග... ජන්කුක්ගේ මූණේ ඇදෙන එක එක වෙනස් වීම් දිහාත්, අමේරා ඔනවට වඩා ජන්කුක් එක්ක වයිෆ් කෙනෙක් වගේ හැසිරෙන හැසිරීම් දිහාත් ටේහ්‍යොන්ග් බලන් හිටියා... අමේරගේ තැන තමන් හිටියා නම් කියන එක ටේහ්‍යොන්ග් මීටින් එක තිබ්බ පැය දෙක පුරාම අනන්තවාරයක් හිතන්න ඇති...

මීටින් එක ඉවර වෙලා අනවුන්ස් කර කර හිටිය ඩිරෙක්ට ක්‍රිස් හැම දෙයක්ම කතා කරලා ප්‍රොජෙක්ටර් එක ඕෆ් කරලා ඉවර වෙනකනුත්, මීටින් එකේ හිටිය හැම කෙනෙක්ම කන්ෆරන්ස් රූම් එකෙන් එලියට යනකනුත් ටේහ්‍යොන්ග් හිටියේ ජන්කුක් දිහා බලාගෙන...

"ස්වීට්" අමේරා ටේහ්‍යොන්ග්ගේ උරහිසෙන් අත තිබ්බම ටේහ්‍යොන්ග් මේ ලෝකෙට ආවා...

"ඔහ්හ්හ් අමේරා"

"මොකද බයවෙලා ස්වීට්" ටේහ්‍යොන්ග්ගේ නලලට වැටිලා තියෙන කොණ්ඩේ එහාට කරලා අමේරා ටේහ්‍යොන්ග්ගේ මූණට එබිලා ඇහුවම ජන්කුක් බලන් හිටියේ ටේහ්‍යොන්ග් දිහා... ටේහ්‍යොන්ග් අමාරුවෙන් හිනාවෙලා එකපාරටම පුටුවෙන් නැගිට්ටා... අමේරා ටේහ්‍යොන්ග්ව තමන්ගේ සහෝදරයෙක් වගේ හිතුවත් ටේහ්‍යොන්ග්ට ඒක නුහුරුයි... ටේහ්‍යොන්ග්ට කවදාවත් සහෝදරයෙක් ඉදලා නෑ... ටේහ්‍යොන්ග්ට හිටියේ මම් විතරයි... පොඩි කාලේ ඉදන්ම තනියෙන් ඉන්න පුරුදු වෙලා හිටිය ටේහ්‍යොන්ග්ට ජුන්ව හම්බවුනේ කොලේජ් එකේදී...

innocent seduce ||vkook||Where stories live. Discover now