Chapter 27

1.9K 421 146
                                    

පැය දෙකකට ආසන්න කාලයක් තිබුන මීටින් එක ඉවර කරලා හැම කෙනෙක්ම කන්ෆරන්ස් රූම් එකෙන් එලියට ගියාට පස්සේ ටේහ්‍යොන්ග් නැගිටලා ජන්කුක් ලගට ගියා... තවමත් ලොකු කල්පනාවක හිටිය ජන්කුක්ට ටේහ්‍යොන්ග් ලගට ආවා කියන එකවත් ගානක් තිබ්බේ නෑ... ජන්කුක් ලගින්ම හිටගත්ත ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ උරහිසෙන් අත තිබ්බා... ටේහ්‍යොන්ග්ගේ ස්පර්ශයට ජන්කුක් ඔලුව උස්සලා ටේහ්‍යොන්ග් දිහා බැලුවේ කිසිම හැගීමක් නැති විදියට...

"මොකද වුනේ කුක්, ඔයා හොදින් නෙමෙයි ඉන්නේ" ජන්කුක්ගේ නලලට වැටිලා තියෙන කොණ්ඩේ එහාට කරන ගමන් ටේහ්‍යොන්ග් කිව්වම ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ අතේ මැණික් කටුව ලගින් තද කරලා අල්ලගත්තා... ටේහ්‍යොන්ග්ගේ ඇස් දිහා කෙලින්ම බලාගෙන ජන්කුක් ඒ ඇස් වල මේ මොහොතේ තියෙන හැගීම් කියවන්න උත්සහා කරා... ටේහ්‍යොන්ග් ඇස් ලොකු කරගෙන ජන්කුක් දිහාබලන් හිටියා...

"ඇයි කුක් රිදෙනවා" ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ අත තව ටිකක් තද කරාම ටේහ්‍යොන්ග් කෙදිරිගෑවා...

"අත අරින්න කුක් මොකද වුනේ කියන්න, අහ්හ් මට රිදෙනවා" ටේහ්‍යොන්ග් අත ජන්කුක්ගෙන් ගලවගන්න ඇඹරුවම වුනේ තවත් ඒ අත හිරවුන එක... ටේහ්‍යොන්ග්ගේ ඇස් කදුලු වලින් පිරෙනකොට ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ අත අතඇරියා... ටේහ්‍යොන්ග් ජන්කුක්ගේ ඇගිලි පාර දිහා බලාගෙන හිටියා... ඊලගට ඔලුව උස්සලා ජන්කුක් දිහා බැලුවම ජන්කුක් ටේහ්‍යොන්ග් දිහාබලන් හිටියා... මොකද මේ වෙන්නේ කියලා ටේහ්‍යොන්ග්ට කිසිම අදහසක් නැති වුනත් ටේහ්‍යොන්ග් හිටියේ ජන්කුක්ගේ බැල්මට බයවෙලා... මොනවාහරි නරක දෙයක් වෙලා කියලා ටේහ්‍යොන්ග්ට තේරුනා...

"ඇයි කුක් ඔයාට මොකද වෙලා තියෙන්නේ"

"මුකුත් නෑ බබා අපි ගෙදර යමු" ජන්කුක් ආයේ සාමාන්‍ය විදියට කිව්වම ටේහ්‍යොන්ග් අමුතු විදියට ජන්කුක් දිහා බැලුවා...

"හරි කුක් ඉන්න මම ඔයාගේ රූම් එකෙන් මේ ෆයිල් ටික තියලා එන්නම්" ටේහ්‍යොන්ග් කිව්වම ජන්කුක් කියන්න ගිය එක හිතේම තියාගෙන මේසේ උඩ තිබ්බ ෆයිල්ස් එකතු කරන ටේහ්‍යොන්ග් දිහා බලාගෙන පපුව ඉස්සරහින් අත බැදගෙන ඇහිබැමක් උස්සන් හිටියා... ජන්කුක් දිහා එක පාරක් බලපු ටේහ්‍යොන්ග් කන්ෆරන්ස් රූම් එකෙන් එලියට ගිහින් ජන්කුක්ගේ රූම් එකට ආවා...

innocent seduce ||vkook||Where stories live. Discover now