Chapter 17

2.2K 421 162
                                    

"ගෝඩ් ජන්කුක් ඔයාගේ මොලේ හොද නැති වෙලාද" අමේරා ජන්කුක්ගේ ඔෆිස් එක දෙදරන්න කෑගහලා ඉක්මනට දිව්වේ කන්ෆරන්ස් රූම් එකට... දොර ඇරගෙන ඇතුලට ගිය අමේරා දැක්කේ පුටුව උඩ ගුලිවෙලා නිදාගෙන ටේහ්‍යොන්ග්ව... ඊයේ උදේ ඉදන්ම කෑමක්වත් වතුර උගුරක්වත් නැතුව ටේහ්‍යොන්ග් කන්ෆරන්ස් රූම් එකේ නිදාගෙන හිටියා...

"ගෝඩ් ස්වීට් ඇස් අරින්න මේ මම අමේරා" අමේරා ටේහ්‍යොන්ග්ගේ කම්මුලට තට්ටු කරා... ටේහ්‍යොන්ග් හෙලවුනේ වත් නැති නිසා අමේරා බය වුනා...

"ටේ ටේ අනේ කතා කරන්න, ඇස් අරින්න" අමේරා ටේහ්‍යොන්ග්ගේ ඔලුව තමන්ගේ පැත්තට හරව ගත්තා... මුලු මූණම සුදුමැලි වෙලා ඉන්න ටේහ්‍යොන්ග්ගේ තොල් පවා පැලිලා තිබ්බා...

ඒ එක්කම ජන්කුක් රූම් එක ඇතුලට ආවම අමේරගේ උරහිසේ තියෙන ටේහ්‍යොන්ග්ගේ මූණ දැක්කම එතනම නැවතුනා... එක දවසට කොහොමද ටේහ්‍යොන්ග් මෙච්චර දුර්වල වුනේ... දොර ලගම ගල් වෙලා ඉන්න ජන්කුක්ට අමේරා කෑගැහුවා...

"ජන්කුක් මෙහෙ එනවා, මම කාටහරි කතා කරන්නම් ටේව අල්ලගන්න" අමේරගේ කටහඩින් හොද සිහියට ආව ජන්කුක් ඉක්මනට අමේරා ලගට ආවා... අමේරා නැගිටලා ගියාම ජන්කුක් ටේහ්‍යොන්ග් ලගින්ම ඉදගත්තා... ටේහ්‍යොන්ග්ගේ ඔලුව උරහිසට බර කරගෙන ජන්කුක් ටේහ්‍යොන්ග්ගේ සිනිදු කම්මුලක් අතගෑවා... ඒ කම්මුල් ගොඩක් සිනිදුයි... ටේහ්‍යොන්ග්ගේ තොල් වලට අත් ගෙනිච්ච ජන්කුක් ඇස් දෙක වහගත්තා... ටේහ්‍යොන්ග්ගේ තොල් පැලිලා... ටේහ්‍යොන්ග්ගේ තොල් උඩ ඇගිලි එහා මෙහා කරපු ජන්කුක් ටේහ්‍යොන්ග්ව උස්සලා අත් වලට ගත්තා...

එහෙමම ඔෆිස් එකෙන් එලියට ආව ජන්කුක් ගාඩ්ට කිව්වේ වින්සන්ට කාර් එක අරන් එන්න කියලා... වින්සන් ආවට පස්සේ ටේහ්‍යොන්ග්ව කාර් එකෙන් තියලා ජන්කුක් වින්සන්ට කතා කරා...

"වින්සන් මෙයාව ගෙදර අරන් යන්න, ඊවීට කියන්න කෑම මොනාහරි දෙන්න කියලා පොඩ්ඩක් මෙයාට උදව් කරන්න කියන්න, ඔයා මෙයාව වඩාගෙනම රූම් ගිහින් තියන්න ඇවිදින්න දෙන්න එපා" ජන්කුක් වින්සන්ට කියලා වින්සන්ගෙන් උත්තරයක් ලැබෙන්න කලින්ම එතනින් ඇතුලට ආවා...

innocent seduce ||vkook||Where stories live. Discover now