Taehyung Pov
ඒලියා මගේ අතේ නිදාගෙන හිටියා... කුක් එක්ක සෙල්ලම් කරලා දගල දගල ඉදලා අයිස්ක්‍රීම් ඕන කිව්වම කුක් ගියා අයිස්ක්‍රීම් අරන් එන්න ඒත් කුක් එන්න කලින් ඒලියාට නින්ද ගිහින්...
මම පොඩි ලමයින්ට ආස නෑ ඒත් ඒලියා ඒක වෙනස් කරා... මට ඒලියා වගේ ප්‍රින්සස් කෙනෙක්ගේ ඩෑඩ් වෙන්න ඕන... ඒත් අනේමන්දා... මම ඒලියගේ රෝස පාට කම්මුල් අතගාලා පුංචි කිස් එකක් දීලා ඔලුව උස්සනකොට දැක්කේ මගේ ඉස්සරහා අයිස්ක්‍රීම් දෙකක් අල්ලගෙන හිටගෙන ඉන්න කුක්ව... එයා හිනාවීගෙන ඒලියා දිහා බලන් හිටියා... ඒ ඇස් දැක්කම කියන්න පුලුවන් කුක් ඒලියට ගොඩක් ආදරෙයි කියලා... ඒත් ඇයි කුක්ට බබාලා නැත්තේ... අනික අමේරා ගෑණු කෙනෙක්... ඒක නම් ලොකු ප්‍රශ්නයක්...
මට අයිස්ක්‍රීම් එකක් කුක් දික් කරාම මම ඒලියව පෙන්නුවා... මෝඩද ඒලියා අතේ තියාගෙන අයිස්ක්‍රීම් කන්න පුලුවන්ද...
"ටේ දෙන්න මම ඒලියව ගන්නම්" පුදුම වුනාද ඔව් ඔව් කුක් මට දැන් කතා කරන්නේ ටේ කියලා...
"අහ්හ් නෑ කමක් නෑ ඕක ඔයා කන්න මටත් දැන් අයිස්ක්‍රීම් කන්න මූඩ් එකක් නෑ" මම කුක්ගේ තොල් දිහාම බලාගෙන කිව්වම කුක් මගේ ලගින්ම වාඩිවුනා... මම තව ටිකක් කුක්ට ලංවෙලා කුක්ගේ උරහිසෙන් ඔලුව තියාගත්තේ මේ වෙලාවේ මම ඇත්තටම මහන්සියෙන් හිටිය නිසා... ඒත් කුක් තව ටිකක් මට ලංවෙලා එයාගේ උරහිස පහත් කරලා මට ඒක පහසු කරලා දුන්නා... මම ඒලියගේ මූණ දිහා බලන් හිටියා... කුක් එයාගේ ඇගිලි වලින් ඒලියගේ රෝස පාට කම්මුල් හිමින් හිමින් අතගෑවේ ඒලියව ඇහැරෙන්නේ නැති විදියට...
"ජන්කුක්"
"ම්ම්ම්ම්ම්"
"ඔයා ඒලියට ගොඩක් ආදරෙයි නේද"
"ඔව් ගොඩක් ආදරෙයි මට බබාලා නෑනේ"
ජන්කුක් එහෙම කිව්වම මම ඔලුව උස්සලා එයාගේ මූණ බැලුවා... ඇයි කුක් එහෙම කියන්නේ... අමේරා කැමති නැද්ද බබාලට...
"ඉතින් ඔයාට පුලුවන්නේ අමේරගෙන් ඉල්ලගන්න"
මම එහෙම කිව්වම කුක් හිනාවුනා... ඒක හිනාවෙන්න දෙයක්ද??
YOU ARE READING
innocent seduce ||vkook||
Fanfictionකිම් ටේහ්‍යොන්ග් අවුරුදු 20ක ලස්සන තරුණයෙක්.. ඔහුගේ පලවෙනි ප්‍රේමය බිද වැටීමත් සමග සම්පූර්ණ වෙනස් වන ටේහ්‍යොන්ග් ඔහුට ඕන සෑම දෙයක්ම ලබාගැනීමට පෙලඹෙනවා... සමහර අවස්තා වල එය පවක් බව දැන් දැනමත් ඔහු ඒ දේ ලබාගන්නවා... ජන්කුක්, ටේහ්‍යොන්ග් දෙන්නම දන්නවා...