My Love,
"කුක් ඔයා දන්නවද ඔයාව මම දැක්ක පලවෙනි දවසේ මම කොච්චර ශොක් වුනාද කියලා ඒක ඔයාට හිතාගන්නත් බෑ.. මම මුලින්ම හිතුවේ ඔයා නාකි මනුස්සයෙක් කියලා.. මම වගේ මෝඩයෙක්.. ඔයාව දැක්ක පලවෙනි දවසේ ඉදන්ම ඔයාව මගේ කරගන්න මට ඕන වුනා... ඔයා වෙන කෙනෙක්ට අයිති කියලා දැන දැනත් මට ඔයාව ඕන වුනා.. ඒක වැරදී නේද?? ඔව් අනිවාරෙන් වැරදී.. ඒත් මම කොහොමහරි ඔයාව මගේ කරගත්තා.. ඔයාගේ එකම ආදරේ වෙන්න මට පුලුවන් වුනා.. මම ආඩම්බරෙන් ඉන්නේ හරිද.. මොකද සක්සස්ෆුල් බිස්නස්මන් ජොන් ජන්කුක්ගේ එකම ආදරේ මම...
මම කවදාවත් හිතුවේ නෑ මම ඔයාට මෙච්චර ආදරේ කරයි කියලා.. මට ඒක කියන්න තේරෙන්නේ නෑ කුක්.. ඒත් මම දන්නේ එක දෙයයි ඔයා මගේ පණ.. ඒ නිසාම මගේ පණ වෙනුවෙන් මට ඕනම දෙයක් කරන්න පුලුවන්.. ඔයා දන්නවද.. ඕනම දෙයක් කුක් ඕනම දෙයක්... මම ඒකට දෙපාරක් හිතන්නේ නෑ...
මම පුරුදු වෙලා හිටියා මට දෙයක් ඕන නම් ඒක කොහොමහරි ලබාගන්න... ඒ වගේම මට ඔයාව ඕන වුනා මම ලබාගත්තා... ඒත් මට ඔයාව ලග තියාගන්න බෑ... මොකද ඔයා දැන් ඩෑඩ් කෙනෙක් වෙන්න යන්නේ.. ඔයා ආසාවෙන් හිටියා වගේම ඔයාට ඒලියා වගේ ප්‍රින්සස් කෙනෙක් අමේරා ගෙනත් දෙන්න යන්නේ... මම ලග නැති වුනත් ඔයා එයා එක්ක සතුටින් ඉන්න ඕන හරිද... මම දන්නවා ඔයා බබාලට කොච්චර ආසද කියල.. ඒ වගේම මම දන්නවා දරුවෙක්ට ඩෑඩ් කෙනෙක්ව කොච්චර වටිනවද කියලා.. මොකද මට හිටියේ නමට විතරක් ඉන්න ඩෑඩ් කෙනෙක් ඉතින් ඔයාගෙයි අමේරගෙයි බබාට එහෙම වෙන්න බෑ කවදාවත්...
YOU ARE READING
innocent seduce ||vkook||
Fanfictionකිම් ටේහ්‍යොන්ග් අවුරුදු 20ක ලස්සන තරුණයෙක්.. ඔහුගේ පලවෙනි ප්‍රේමය බිද වැටීමත් සමග සම්පූර්ණ වෙනස් වන ටේහ්‍යොන්ග් ඔහුට ඕන සෑම දෙයක්ම ලබාගැනීමට පෙලඹෙනවා... සමහර අවස්තා වල එය පවක් බව දැන් දැනමත් ඔහු ඒ දේ ලබාගන්නවා... ජන්කුක්, ටේහ්‍යොන්ග් දෙන්නම දන්නවා...