❤නොපැතූ හැඟුමක්❤
5 කොටස
"අනේ බුදු හාමුදුරුවනේ.....මං අද ඉඳන් කරන්න යන දේ ගැන මම වත් දන්නේ නෑ බුදු සාදූ.....අනේ මට සමාවෙන්න....එයාලා මට වැරැද්දක් කරපු මිනිස්සු නෙමේ...ඒත් මගේ අසරණකමටයි මේ දේවල් කරන්න වෙන්නේ.....මට දඬුවම් දෙන්න ඒත් සීයට නම් කරදරයක් කරන්න එපා....."
පාන්දරම අවදී වූ සයනී බුදුසමිඳුන්ගේ ප්‍රතිරුව පාමුල හඬන්නට වූයේ තමා වරදකාරියක යැයි තම සිතුවිලිම පෙරදා මොහොතේ තමන් සමඟ සටන් කළ නිසයි....
හැඬුම් මධ්‍යයේ සයනී කහ පැහැ සාරියකින් සහා ඊටම ගැළපෙන බ්ලවුසයක් හැඳ සැරසුණේ දිගු කෙස් කළඹ කඩා දමා කුඩා කට්ටක් රඳවමිනි....
"සමාවෙන්න සර්....මං පුළුවන් තරම් ඔයාලාට කරදරයක් නොවී ඉන්න බලන්නම්.....හ්ම්ම්ම්ම්."
දිගු සුසුමක් හෙළූ සයනී තම නිවසින් පිට වූයේ කිහිප දෙනෙකූගේම ඉරණම ඇය වටා ගෙතී ඇති බව නොදැනම නොවේ.
---------------------------------
"යුගාන්......උඹ ඇයි බං අරකිව උඹේ පර්සනල් ඇසිස්ටන් විදියට අරගත්තේ...මං උඹෙන් ඊයේ ඕක අහන්න හිටියේ අමතක උනා......."
"හහ්....මං ඒත් බැලුවා...ඇයි උඹ ඕක මගෙන් ඇහුවේ නැත්තේ කියලා......"
මිතුරන් දෙදෙනා කතා වූයේ යුගාන් තම රථය ප්‍රධාන පාරට හරවන අතරතුරේදීය....
"හරි මැස්සෝ...තොගෙන් මං අහපු දේට උත්තර දියන්කෝ ....උඹ අර අංජනට කෙල්ල ලස්සන හන්දායි වැඩට ගන්න හදන්නේ කියලා ලොරි ටෝක් දීලා අන්තිමට ඒකිව උබේ ඇසිස්ටන්ටම ගත්තා නේ..අරුන් උඹට කොහෙන් හිනා වෙනවද දන් නෑ.....අනේ සාන්ත...."
"මොකක්ද බල්* කිව්වේ ....උඹ හිතන්නේ මාත් අර උඹ ඒකි දිහා සෙවල පෙරන් ඒකිගේ ඇඟට කැමැත්තෙන් ඒකිව වැඩට ගත්තා කියලාද....පාහ*යා....."
එවර නම් ගිවන්තගේ උසුළුවට යුගාන්ට තරමක් කෝපයක් දැනිණි....සැබැවින්ම යුගාන් සයනීව තම සහයිකාවක් වශයෙන් තෝරා ගත්තේ අන්කවරක් නිසාවත් නොව ඇය ගේ හැසිරීම නිසා ඇති වූ සැකය මතයි...නමුත් ගිවන්ත තම හොඳම මිතුරා වුවද ඔහුට සයනී පිළිබඳව සැකයක් ඇති වී ඇති බව පවසන්නට අදත් සිත් දෙන්නේ නැත....ඇයව වැරදිකාරියක් ලෙස පැවසීමට සිත් නොදෙන්නේ මන්දැයි යුගාන්ටද වැටහීමක් නැත.....මඳක් සිතා බලා අනතුරුව නැවතත් හඬ අවදි කළේ යුගාන්ය...
YOU ARE READING
Unexpected Love (Sinhala) (නොපැතූ හැඟුමක්)
Romanceසුළු පියාගේ සැලසුමකට ආයතනයට පැමිණෙන ඇයට අහම්බෙන් හමුවන ඒ ආදරය ඔවුන් ජය ගනීවිද... යුගාන්, නපුරු දඩබ්බර ආතල් එකේ ඉන්න කඩවසම් තරුණයෙක් සයනි , මව පියා දෙදෙනාම නැතුව සීයා එක්ක ජීවත් උන තම එකම නෑදෑයා සීයා විතරක් උන අහිංසක යුවතියක් ශෙහාන්, යුගාන් ගේ අයියා ...